මීදුම්...15

874 173 31
                                    

මීදුම් .......15

හේතුවක් නැතුව එක පාරටම මන් ඇහැරුනා... ඇහැරුන ගමන්ම මගෙ ඇස් නතර උනේ මගෙ ඉස්සරහ ඉන්න කෙනා දිහාට...

" ආදි..."

මන් මගෙ හිතෙන්ම කියාගත්ත..

එතකොට ඒක හීනයක් නෙවෙයි... ඒ කියන්නෙ ඇත්තටම මගෙ ආදරේ මගෙම උනා..
මගෙ හිතට දැනුන ඒ හැගීම් ගොන්න එක්කම මන් මගෙ ඉස්සරහ ඉදන් නිදාගෙන ඉන්න ආදිගෙ මූන ආසාවෙන් බලන් ඉදිය...
ඒ ඇස් පියවෙලා තියන රටාව....
නලලට වැටිල තියන කොන්ඩෙ රතු පාට තොල් පෙති දිහා ආසාවෙන් බලන් ඉදිය..

මන් එහෙමම එයාගෙ මූනට හුලන් පාරක් පිබිද්දි එයා තවත් මගෙ උනුහුමට ගුලි වුනේ හීතලක් දැනිල වගේ...

මන් එයාගෙ දිහා තවත් ටිකක් වෙලාබලන් ඉදිද්දි මට ඇහුන ෆෝන් එකක් වයිබ්බ්‍රේට් වෙන සද්දෙ..  ඒක නිසා මන් යන්තම් එහා මෙහා වෙලා එතනම තිබ්බ මේසෙ උඩ තිබ්බ ෆෝන් එක අරගත්ත... ගනිද්දිම මට දැනුන මේක මගෙ ෆෝන් එකෙ නෙවෙයි කියල.
මන් ආදිගෙ ෆෝන් එකේ ඩිස්පේලේ එකෙ දිහා බැලුවෙ කව්ද කතා කරන්නෙ කියල දැනගන්න...

"අයියා.."

ආදිගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ තියන නම දැක්කහම මන් ගැස්සුනා...

" ආදි.... ආදි... නැකිටින්න මේ ඔයාට කෝල් එකක්..."

මන් මගෙ කොල්ලව හොල්ලන ගමන් කියද්දි මූ තව ටිකක් මට තුරුල් උනේ එයාගෙ එක කකුලක් මගෙ ඇග උඩින් දාන ගමන්...

"අනේ තව ටිකක් නිදාගන්න දෙන්නකො බබා..."

"අනේ පිස්සො මේ නැකිටල බලනව අනුශ්ක සර් කතා කරනව..."

"මොකක්..."

එහෙම කියල ටක් ගාල ඇස් ඇරපු ආදි ෆෝන් එක මගෙ අතින් අරන් ආන්සර් කරේ මාව තුරුල් කරහගෙනමයි...

" හලෝ.. අයිය ගුඩ් මෝනින් ..."

"ගුඩ් මෝනින් තමා බූරුවො උබ කොහෙද ඉන්නෙ...."

ෆෝන් එකේ ස්පීකර්ස් ඔන් කරල කතා කරන ගමන් ආදි මගෙ දිහා බලන් ඉදියෙ හරි ලස්සන විදිහට..

" මන් මේ  ගමනක් ආව.. ඇයි..."

" ඇයි යකෝ ඊයෙ ගෙදර ආවෙත් නෑ.. අම්ම මාව කන්න හදනව උබ කොහෙද අහ අහ.. උබ මොන මගුලකද ගියෙ කොටුවක් වත් පනින්න ගියාද..."

මීදුම්.Where stories live. Discover now