මීදුම් 24

681 140 10
                                    

මීදුම්...24

හීනයක් විතරක්ම වෙයි කියල හිතන් ඉදපු දේවල් ඇස් ඉස්සරහම් හැබෑ වෙද්දි හිතට පුංචි බයක් නොදැනුනාම නෙවෙයි ඒත් ඒ  හැම දේටම වඩා ආදිගෙ ආදරේ මගෙ මුලු ආත්මය පුරාම පැතිරිලා කියන එක තමා මට දැනුනෙ..

ආදි මගෙ නහය උඩින් යන්තම් කිස් කරල මගෙ ලගින් යද්දි මගෙ හිත කොයි තරම් සතුටකින් පිස්සු වැටුනද කියල මට හිතාගන්නවත් බෑ...

" සුදු... ඔයා මොනවද කන්නෙ..."

ෆ්‍රිජ් එක ඇරගෙන මොනාද තියෙන්නෙ කියල හොය හොය ආදි අහද්දි තමයි මන් ආයි ඒ දිහාට අවදානෙ දෙන්න ගත්තෙ..

" හ්ම්ම්ම්... මොකක්ක්ද..."

"මන් ඇහුවෙ මොනාද රෑට කන්නෙ කියල.."

"මට බඩගිනි නෑ...."

"මන් එහෙම කිව්වහම ආදි මගෙ දිහා බලල ඔරවන්න ගත්තා...

" අද අපි ඩිනර් එකට එලියට ගිය නිසා වැඩට ඉන්න කෙනා මොකුත් හදල නෑ.. මොනාද කන්න ඕනි කියන්න මන් ටක් ගාල හදල දෙන්නම් නැත්තම් අපි ඕඩර් කරමු..."

මන් කන්න බෑ කියපු එක ඇහුනෙ නෑ වගේ  ආදි කියද්දි මන් එයා ඉන්න තැනට ලන් උනා...

" මට කන්න බෑ.. මට නිදාගන්න ඕනි..."

"නොකා අසනීප වෙන්නද.. ගුටි නොකා කියනව මොනාද හදල ඕනි..."

ජීවිතයෙ මෙච්චර කාලෙකට මගෙ ගැන තියන ආදරයට මාව පරිස්සම් කරන්න ඉදියෙ මගෙ අම්මයි තාත්තයි ලොකු අයියයි විතරයි.. ටික ටික ලොකු වෙද්දි මන් කැම්පස් යන්න ගද්දි අම්මයි තාත්තයිත් මන් ගැන ඒ තරම් හොයන එක අඩු කරද්දි  ලොකු අයිය විතරයි මන් ගැන වද උනේ...
කොයි තරම ලොකු උනත් මට මන් ගැන බලාගන්න පුලුවන් උනත් තවමත් මන් පුන්චි එකෙක් වගේ ඒ ආදරේට ආස කරන්නෙ ඒකමයි මොකද මන් හැමදාම අනික් අය වෙනුවෙන් ශක්තිමත්ව ඉන්න අනික් අයගෙ බර මගෙ පිටට ගන්න පුරුදු උනාට ඇත්තටම මන් හැමදාමත් බලාපොරොත්තු උනේ මාව බලාගන්න මට ආදරේ දෙන්න මන් වැරැදි කරද්දි බැනල ගහල මාව හදාගන්න පුලුවන් ආදරේකට....

මන් තව ටිකක් වෙලා ආදි දිහා බලන් ඉදියෙ මන් වෙනුවෙන් ආදරේ පුරෝගෙන ඉන්න ඒ ඇස් වලින් මගේ ඇස් එලියට ගන්න බැරිව...

මීදුම්.Where stories live. Discover now