මීදුම්..07

1K 203 10
                                    

මීදුම්...7



අයියයි නංගියි හිනා වෙවී කාර් එකෙන් බැහැල මන් බහිනකම් එලියට වෙලා ඉදිය.. මමත් ටක් ගාල මගෙ බෑක් එකේ තිබ්බ ෆෝන් එකත් අතට අරගෙන කාරෙකෙන් බැස්ස...

"ආ... එහෙනම් අපි යමුද..."
හන්සිකා මිස් එහෙම කියල සර්ගෙ අතේ එල්ලිලා හොටෙල් එක දිහාට යද්දි මමත් ඒ දෙන්නගෙ පිටි පස්සෙන් හොටෙල් එක දිහාට ගියා....මටනම් ඒ හොටෙල් එක නුපුරුදු තැන්ක් නෙවෙයි  මොකද මගෙ මල්ලි චෙෆ් කෙනෙක් විදිහට මේ හොටෙල් එකේ තමයි වැඩ කරන්නෙ...

අපි හොටෙල් එක ඇතුලට ගිය ගමන් වැඩ කරන කෙනෙක් අපි ලගට ආව...

"කැන් අයි හෙල්ප් යූ සර්.."

"ආ.. ඔව් .. හන්සිකා කියන නමට රෙසවේශන් එකක් තියනව... ඒ ටේබල් එක අපිට පෙන්නනවද..."

"ඕකේ මැඩම් මාත් එක්ක එන්න..."

අයිය නගෝ දෙන්න එක්ක  වේටර්ගෙ පස්සෙන් යද්දි
මමත් ඉතින් ඔහේ ඒ දෙන්නගෙ පස්සෙන් ගියා
......................................................

අපි ගියෙ හොටෙල් එකේ සෙකන්ඩ් ෆ්ලෝ එකට.. ඒ ෆ්ලෝ එකේ කවුරුත් හිටියෙ නම් නැහැ.. හැබයි එතන වීව් එකනම් හරිම ලස්සනයි...
එක පැත්තකින් පේන මුහුද.. අනික් පැත්තෙන් පේන ලයිට් දාල තියන කොලබ ලොකු ලොකු බිල්ඩින්ස්...එක්ක පුදුම ලස්ස්නක් තිබ්බෙ... ඒ හැම දේටම වඩා මන් ගොඩාක් ආදරේ කරන මුහුද රෑ අන්දකාරෙ අතරින් ලස්සනට පේද්දි මන් ආසාවෙන් ඒ දිහා බලන් ඉදිය...

"මීදුම් අයියෙ එන්න..."
හන්සිකා මිස් මට කතා කරද්දි තමයි මන් ආපහු පියවි සිහියට ආව.. මන් ඉතින් ගිහිල්ල එයාල ඉදපු ටේබල් එකේ තිබ්බ පුටුවකින් වාඩි උනේ මුහුද ලස්සනට පේන විදිහට...
ඒත් මගෙ හිත කිව්වෙම උබ මේ දෙන්නට ඇනයක් වෙලා කියල ඒ අවුල හිතේ තිබ්බත් අනේ මන්ද ආදිත්‍ය සර්ගෙ ලගට වෙලා ඉන්න තියන වෙලාවෙන් තත්පරයක්වත් මට අපතෙ යවන්න හිතුනෙ නෑ...

" මේ ඔය දෙන්න ඔහොමම ඉන්න මන් ටක් ගාල එන්නම්..."
මගෙ එහාපැත්තෙ වාඩිවෙලා  ඉදපු  හන්සිකා මිස් එහෙම කියල පුටුවෙන් නැගිටල යද්දි ආදිත්‍ය සර් ඒ දිහා බලන්  ඉදියෙ  මේ පිස්සි ඒ පාර මොකක් කරන්න හදනවද දන්නෙ නෑ කියල හිත හිත ඉන්න ලුක් එකක් තියන්...

මීදුම්.Where stories live. Discover now