මීදුම්....43
"එයාගෙ නමත් මීදුම්..."
තාරක අයිය කියපු ඒ වචන ටික නැවතුමක් නැතුවම මගෙ ඔලුව පුරා දෝංකාර දෙද්දි දවල් දැනුන ඔලුව කැක්කුම දරාගන්න බැරි තරම් මට දැනෙන්න ගත්ත...
ඒත් එක්කම ඇස් දෙක ඇරගන්න බැරි තරමට මගෙ ඔලුව බර ගතියක් දැනෙද්දි මගෙ ඇස් පියවෙලාම ගියා..
........................................................." මල්ලි... සුදු මල්ලි... ඇස් අරින්නකො.. මොකද උනේ..."
තාරක අයියගෙ යාන්තමින් ඇහෙන කටහඩ නිසා මන් පියවෙලා තිබ්බ ඇස් යාන්තමින් අරින්න උත්සහ කරන ගමන්ම කතා කරන්න ට්‍රයි එකක් දුන්න ඒත් මගෙ උගුර කට සම්පූර්ණයෙන්ම වේලිලා ගිහිල්ල ..
මූන පුරා සීතලට තෙත ගතියක් දැනෙද්දි මන් ඒ සීත ගතිය හයියක් කරගෙනම ඇස් යාන්තම් ඇරිය..
මන් දැක්කෙ ගොඩාක් බයවෙලා වගේ මගෙ දිහා බලන් ඉන්න තාරක අයියව..." මල්ලි.. ඔයා හොදින් නේද... "
"අයියෙ... මේ මොකද මට මොකද උනේ..."
මට එක පාරටම කිසි දෙයක් මතකයට ආවෙ නැති නිසා මන් ඇහුව...
" මන් රූම් එකෙන් එලියට යද්දිම වගේ සද්දයක් ඇහුන නිසා මන් බැලුවෙ ඔයා එක පාරටම ෆේන්ට් උනා මල්ලි.. හොද වෙලාවට තුවාලයක් උනේ නෑ වැටිල.. ඇත්තටම මොකද උනේ.. ඔයාට අමාරුවක් නෑ නේද..."
" අනේ මන්ද අයිය.. මගෙ ඔලුව කැරකෙන්න ගත්ත එක පාරටම.. ඒත් එක්කම තද ඔලුව කැක්කුමක් ආව..."
"දැන් අඩුද.. අපි යමු බෙහෙත් ගන්න..."
තාරක අයිය තවමත් බය වෙලා වගේම කියද්දි මට පවු කියල හිතුන මන් නිසානෙ මේ එයා කලබල වෙලා ඉන්නෙ..
" ඔව් අයිය දැන් අඩුයි.. තාම ඔලුව ටිකක් රිදෙනව ඒක ඇරිල යයි..."
"හරි එහෙනම් ඔයා ටිකක් ඇලවෙලා ඉන්න මන් ඩොක්ට කෙනෙක් චැනල් කරන්නම් අපි යමු බේත් ගන්න..."
"අයියෝ එච්චර ලොකු දෙයක් නෙවෙයිනෙ මේක බේත් ඕනි නෑ..."
"ඇයි උබ දොස්තරද බේත් ඕනි නෑ කියල කියන්නෙ..."
"නෑ ඒත් අපේ අප්පච්චි ඩොක්ටනෙ ඒක නිසා මන් දන්නව.."
"ඔය කිව්වෙ ඉතින් මෝඩය..."
YOU ARE READING
මීදුම්.
Romanceජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..