මීදුම් 50

502 102 26
                                    

මීදුම් ....50


"ගුඩ් මෝනින් සර්..."

" ආ  ගුඩ් මෝනින් මීදුම් එන්න..."

"සර් මට කතා කරාද.."

"ඔව් ඔව් වාඩි වෙන්න..."

නිකිල් බල බල ඉදපු ෆයිල් එක වහල පැත්තකින් තියන ගමන් කීව...

"දැන් කොහොමද ලමයට.. අසනීපෙ හොදද..."

" ඔව් සර් දැන් අඩුයි.. මට අයිය කිව්ව සර්ල ගොඩක් උදව් කරා කියල තෑන්ක්ස්..."

"ඒක මොකද්ද.. අනික ඉතින් අපේ එකා කත කරපු විදිහ අන්තිම නරකයි .. මන් ඒකට සමාව ගන්නත් එක්ක තමා එන්න කිව්වෙ.  "

"අනේ ඒකට කමක් නෑ නිකිල් සර් අනික ගගන් සර් නැත්තම් මෙලහට මන් මැරිල..."

"මොනාද බන් ඔය කියවන විකාර.. මන් උබට එහෙම මැරෙන්න දෙනවද.. මීදුම් ඇත්ත මන් උබගෙ බොස් උබ මගෙ සේවකය ඒත් ඒ කොහොම උනත් මට උබ හොද යාලුවෙක් මන් ලේසියෙන් යාලුවෙක්ව නැතිකරගන්නෙ නෑ.."

"තෑන්ක්ස් නිකිල් සර්..."

"අයියෝ ඔය සර් කෑල්ලනම් හරිම වදයක් බන්...  කෝ තාරක ආවද අද.."
."ඔව් අයිය එයාගෙ කැබින් එකේ..."

"ම්ම්.. ඇයි උබ කලින්ම කීවෙ නැත්තෙ උබ ලොකු වාහන වලට බයයි කිය්ල .. මන් දන්නෙ එදා තාරක කියද්දි..."

" ම්ම්ම්...මන් කාටවත් එහෙම කියල නෑ සර්.. ඇත්තටම මට ඒක කියන්න ලෑජ්ජයි.. මගෙ වයසෙ ඕනම කොල්ලෙක් වාහන වලට ආසයි ආදරෙයි  ඒත් මන් ඒවට බයයි.. කාර් එකක් කැබ් එකක් ගානක් නෑ ඒත් ලොකු වාහන වලට මන් බයයි ..."

"පුංචි කාලෙ ඉදන්මද ඒක...".
"ඔව් සර්..."

"ම්ම්.. සමහර විට ගිය ආත්මෙ උබලොකු වාහනේකට හැප්පිලාද දන්නෙ නෑ මැරුනෙ ...හි හි..."

නිකිල් සර්  එහෙම කියල හයියෙන් හිනා වෙද්දි  මටත් හිනා ගියා...

" හරි හරි මන් දැක්ක ඔයා ඔෆිස් එකේ ඉන්නව ඒකයි හදිස්සියෙම කතා කරේ ඔයාට දැන් හොදද බලන්න.. මන් උබේ කැබින් එකටම එනව කොල්ලො ඒත් දන්නවනෙ ඔෆිස් එකේ උබට ඉන්න නැතිවෙයි එහෙම උනොත්.."

"ඒකට කම්ක් නෑ.. සර් තෑන්ක්ස් හොයල බැලුවට..."

"හරි එහෙනම් ඔයා සීටෙකට යන්න.. වැඩිය රශ් කරන්න එපා හිමින් වැඩ ටික කරන්න..."

මීදුම්.Where stories live. Discover now