මීදුම් 41

499 108 23
                                    

මීදුම් ...41

මගෙ අවදානෙ එක පාරටම ගියෙ බිදිල ගිය වීදුරුව  දිහාට.. ඒත් එක්කම මන් බැලුවෙ කවුද ඒ කියල..

අපේ පුංචිගෙ වයසෙම වගේ කියන්න පුලුවන්  ගෑනු කෙනෙක් තමා කුස්සිය මැද ඉදියෙ ඒත් එයාගෙ අවදානෙ තිබ්බෙ බිදිල ගිය වීදුරුව ගැන නෙවෙයි එයා ඇස් ලොකුකරන් ගොඩාක් පුදුම වෙලා වගේ බලන් ඉදියෙ මන් දිහා...

"  මධූ..මොකද උනේ..."

කුස්සියෙ ඉදපු අනික් අය කලබල වෙලා අර ගෑනු කෙනා ලගට යද්දි මමත් ඒ ලගටම ගියා..

මුලින්ම අර ගෑනු කෙනාගෙ ලගට ගිය උමේශ් අංකල් අර ගෑනු කෙනාගෙ අතින් අල්ල ගද්දි ඒ ගෑනු කෙනා ගොඩාක් අසරන උන පෙනුමකින් උමේශ් අංකල් දිහාට ගියා..

අනේ මන මට දැනුන හැටිද කියල උමේශ් අංකල් අර ගෑනු කෙනගෙ දිහා බලල හැම දේම හරි කියන්න වගේ ඔලුව වනද්දි තව පිරිමි ලමෙකුත් එතනට ආව...

" අනේ  සෝ සොරි මගෙ අත බැරි උනා..."

වීදුරුව බිදුන එකට සමාව ඉල්ලන්න වගේ ඒ ගෑනු කෙනා කියද්දි අප්පච්චි ආයි කතා කරන්න ගත්ත   ....

" ඒකට කමක් නෑ මධූ.. වීදුරු එහෙම තමා බිදෙනව.."
අප්පච්චි එහෙම් කියන ගමන් පාත් වෙලා වීදුරු කටු ඇහිදින්න ගද්දි මම කුස්සියෙ තිබ්බ කුනු බක්කියයි කොස්සකුයි අරන් එතනට ගියෙ අප්පච්චිට උදව් කරන්න..

" අනේ සොරි සාගර් ඉන්න මන් ඕක අස් කරන්නම්..."

"අයියෝ ඒක හිතන්න එපා මන් මේක ටක් ගාල අයින් කරන්නම්...
ආ මිදූ.. ඔයත් ආවද...මොකෝ බඩගිනිද..."

" ඔව් අප්පච්චි..."

ඒහෙම කියන ගමන මන් අප්පච්චිත් එක්ක එකතු වෙලා වීදුරු කටු ටික අයින් කරල සින්ක් එකෙන් අත් දෙක හෝද ගත්ත...

" ආ මධූ.. මේ ඉන්නෙ මීදුම්... මගෙ පුතා... ඔයා දැකල නෑනෙ නේද..."

අප්පච්චි හරිම නෝමල් එකේ මාව අර ගෑනු කෙනාට අදුන්නල දෙද්දි මන්  එයාල දිහා බලල හිනා උනා..

මගෙ නම ඇහෙද්දිම වගේ අර ගෑනු කෙනාගෙයි  එයා ලගම ඉදපු පිරිමි ලමයගෙයි දෙන්නගෙම ඇස් පුදුම වෙනව මන් දැක්ක...
ඇත්තටම මාව දැක්ක වෙලා ඉදන් එයාල මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියල මට හිතාගන්න බෑ... අනික මේ දෙන්න විතරක් නෙවෙයි මෙහෙම හැසිරුනේ.. උමේශ් අංකලුත් මාව දැක්ක වෙලේ හැසිරුනේ ඔහොමමයි දැන් දැන් ටිකක් නෝමල් විදිහට ඉදියත් සමහර වෙලාවට එයත් ඔය විදිහටම පුදුම වෙලා බලන් ඉන්නව කියල පහුගිය දවස් දෙක තුනේම මන් නෝට් කරා..

මීදුම්.Where stories live. Discover now