මීදුම් 55

502 98 3
                                    

මීදුම් ....55

හිතේ තිබ්බ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුන වගේම මට ප්‍රශ්න වෙලා තිබ්බ දේවල් කීපයකටම  උත්තර ලැබුන නිසා.. ඒ වගේම මන් හිතන්නෙ බීපු උනු කිරි එක නිසාද මන්ද ආයි කාබරේට ගිහිල්ල ඇදට වැටුන ගමන් මට නින්ද ගියා..

...................................................

උදේ පාන්දරම ෆෝන් එක රිංගස් යන්න ගත්ත නිසයි මන් ඇහැරුනේ..

" හලෝ..."

"මීදු.. නිදිද ඔයා.."

"ආ නෑ අප්පච්චි කියන්න.."

"ම්ම්ම්.. මන් මේ කතාකරේ මට ඉක්මනට ලංකාවට එන්න පුලුවන් වෙයි කියන්න.."

"මොකක් ඔය ඇත්තමද අප්පච්චි ..."

"ඔව්... වැඩිම උනොත් තව සති තුනක් යයි.. "

"ඇත්තටම .. අනේ ඉක්මනට එන්න අප්පච්චි මට ඔයා නැතුව පාලුයි.."

"අම්මෝ බටර්.. හරි මේ ඔයා බිස්නස් ට්‍රිප් එකක් කියල උමේශ් කිව්ව කොහෙද ඉන්නෙ .."

" ඔව් අප්පච්චි තාරක අයියවයි මාවයි ඔෆිස්  එකෙන් නුවරඑලියට යැව්ව මාසෙකට.. ඒත් සති දෙක තුනක වැඩ වගේ තමා මෙහෙ තියෙන්නෙ ඒ ටික ඉවර කරපු ගමන් අපි ආයි එනව..."

" තාරක ඉන්නවනෙ එහෙනම් අවුලක් නෑ.. කොහොම උනත් පරිස්සමින් අනික වැඩ කරන්න  ගිහිල්ල ස්ටඩීස් වලට බාදාවක් කරගන එහෙම නෑ.."

"හරි අප්පච්චි ...."

" හ්ම්ම්ම්.. මන් තියන්නම් එහෙනම් පරිස්සමින් ඉන්න.. අයිය කියන දේ අහන්න .. "

"හරි අප්පච්චි ...."

ඒත් එක්කම බීප් බීප් ගාගෙන ෆෝන් එක කට් වෙද්දි මන් ෆෝන් එකේ වෙලාව බැලුව..

7.05.. ඒ කියන්නෙ නිදාගෙන් හමාරයි අට වෙද්දි වත් වැඩා ටික පාටන් ගන්න එපැයි... මන් මගෙ හිතෙන් මටම කිය කිය ඇදෙන් බැස්සෙ  බාත්රූම්  එකට යන්න..
......................................................

මන් ඉදපු කාබරෙන් එලියට ආපු මන් දෙවනි තට්ටුවෙ කෙරවලට වෙන්න තිබ්බ බාත්රූම් එකට ගියෙ  අවුල් වෙලා තියන කොන්ඩෙ හද හද...

බාත් රූම් එක ඉසරහට ගිහිල්ල දොරේ හැඩල් එකට අත තියන්න හදද්දිම හැඩල් එක පාත් වෙලා එක පාරටම දොර ඇරෙද්දි නිදිමතෙ ඉදපු මන් එක පාරටම ගැස්සුනා..

මීදුම්.Where stories live. Discover now