මීදුම් 36

539 118 6
                                    

මීදුම්...36

එක පාරටම උන දේ නිසා මන් ගැස්සිලා යද්දි ආදි අඩිය ඉක්මන් කරල අනුශ්ක අයියගෙ පස්සෙන් ගියා..
මමත් ටිකක් වෙලා ඒ දිහා බලන් ඉදිල එයාල ලගට ගිය...

" අනුශ්ක මට යන්න දෙන්න  ප්ලීස්.. "

"අනේ නිහාන් ප්ලීස් මට විනාඩි පහක් දෙන්න මන් එච්චරයි ඉල්ලන්නෙ ප්ලීස් මට කතා කරන්න දෙන්න.."

"තව මොන කතා කරන්නද මට තමුන් එක්ක කිසිම කතාවක් නෑ.. මෙච්චර කල් මම ඉදපු විදිහටම මට ඉන්න දෙන්න ප්ලීස්  මට ,මට ...තවත් අඩන්න හයියක් නෑ.. ප්ලීස් මට යන්න දීපන්..."

"අනේ මන් කියන දේ අහපන් නිහාන්.. මන් උබට වැදල කියන්නම් මට කතාකරන්න දීපන් ටිකක්..."

" නෑ මට කතාකරන්න දෙයක් නෑ.. මාව අතෑරපන් අනුශ්ක උබත් එක්ක කතා කරන්න තියා මට උබේ මූනවත් දකින්න ඕනි නෑ මට උබව පෙන්න වත් ඕනි නෑ.. ප්ලීස් මට පාඩුවෙ ඉන්න දීල පලයන් අනුශ්ක ..."

නිහාන් අයිය අඩ අඩ එයාව අල්ලගෙන් ඉන්න අනුශ්ක අයියට කිය කිය එයාගෙන්  ගැල වෙන්න හදද්දි ආදි එතනට යන්න හැදුව.. ඒත් මන් ආදිව අතින් අල්ලල නතර කරේ මේ ප්‍රශ්නෙ විසද ගන්න ඕනි එයාල දෙන්නම විතරක් නිසා..

" උබ මට ඒ තරමටම වයිර කරනවද බන්..."

දගලන එක නතර කරපු අනුශ්ක අයිය නිහාන් අතෑරල එයා ඉස්සරහ දනින් වැටෙන ගමන් අහද්දි නිහන්ස අයිය දගලන එක නතර කරල අහක බලන්ම කතා කරන්න ගත්ත...

" ඔව් මන් උබට වයිර කරනව සදහටම... උබ නිසා මට හැම දෙයක්ම නැති උනා.. අම්ම අප්පච්චි මාව පවුලෙන් එලවල දැන්ම මගෙ සහෝදරයො මාව ඈත් කලා
මට ලන්කාවෙන් යන්න උනා.. වැඩිය ඕනි නෑ පොඩ්ඩක් වටපිට බලපන් මන් මේ නුවර එලියට වෙලා කාත් කවුරුත් නැතුව තනියම ගෙවන කාලකන්නි ජීවිතය  මේ ඔක්කොම මන් උබට ආදරේ කරපු නිසා.... ඔව් මන් උබට වයිර කරනව... මන්  වයිර කරනව යකෝ..."

නිහාන් අයිය එක එහෙම කියන ගමන් අහක බලාගෙනම අඩනව කියල මට දැනුනෙ  එයාගෙ  වෙව්ලන කාටහඩ නිසා...

" උබ ඇයි ආයි ආවෙ.. උබ කිව්ව නේද මට ආදරේ නෑ කියල  උබට හැමදාම ඕනි උනේ මගෙ ඇග විතරනෙ.. ආයි ආවෙ මාව විනාස කරල දාන්නද.. හරි වරෙන් ඇතුලට උබට ඕනි තරම් විනෝද වෙයන් කොහොමත් දැන් මේ ඇග විතරයි මට ආත්මයක් නෑ උබට ඕනි දෙයක් කරපන් වරෙන්..."

මීදුම්.Where stories live. Discover now