මීදුම් 59

481 96 10
                                    

මීදුම් ....59


"ගගන්..."

"ම්ම්ම්...."

"නිදාගන්නෙ නැද්ද ඉතින්..."

"බෑ....."
"දැන් රෑ වෙලානෙ ගොඩක්..."

"ඉතින් ඔයා නිදාගන්නකො.. මන් මෙහෙම ඉන්නම්..."

"උබ ඔහොම මගෙ පපුවට තුරුල් වෙලා පුසෙක් වගේ පුරු පුරු ගාද්දි මන් නිදාගන්නෙ කෝමද මැට්ටො..."

" හ්ම්ම්.... හරි කෝ ඉඩදෙන්න මට යන්න..."

එහෙම කියන ගමන් ගගන් මගෙ ලගින් ඈත් වෙන්න හදද්දි මන් එයාව තද වෙන්න අල්ල ගත්ත..

" කොහෙ යන්නද.. ඔහොම ඉන්නව..."

"දැන් ඔයානෙ යන්න කිව්වෙ..."

"මන් කොයි වෙලෙද යන්නෙ කිව්වෙ.. කියනව..."

"ඇයි දැන් නිදිමතයි කිව්වෙ..."

"හරි ඒත් මන් යන්න කීවෙ නෑනෙ .."

"සුදූ.. ඔයා දන්නවද.. මන් හැමදාම නිදාගන්න ගියහම කල්පනා කරනව කොට්ටයකුත් තුරුල් කරගෙන මගෙ  ජීවිතයට  ආදරෙයක් ලැබෙයිද කියල.. නිකන් ආදරයක් නෙවෙයි මාව තේරුම් ගන්න ජීවිත කාලයම මාත් එක්ක ගෙවන්න පුලුවන්  ආදරයක්..  මන් ඒ දවස් වල හිතුව මගෙ ඒ හීන හීනම විතරක් වෙයි කියල .. ඒත් අද ඒ හීනෙ මගෙ ඇස් ඉස්සරහම ඇත්ත වෙලා තියනව දකිද්දි මට මගෙ ඇස් පියාගන්න ලෝබයි සුදු.. මට බයයි ආයිමත් මන් ඇස් අරිද්දි උබව මට නැතුවෙයි කිය්ල..."

ගගන් එහෙම කියද්දි මන් ගගන්ගෙ තොල් දෙක උඩින් මගෙ ඇගිල්ලක් තියල එයා කතාකරන එක නවැත්තුව...

"  කවදාවත් නෑ ගගන්.. මන් ඔයාට ලන් උනේ ආපහු ඈත් වෙන්න හිතන් නෙවෙයි  සදාකාලිකවම උබ ලගින්ම ඉන්න..දැන් හොද ලමය වගේ නිදාගන්න හෙට වැඩ තියනවනෙ...ආ ඔයාට වැඩ නෑ මට තියෙන්නෙ...හිහි.."

මන් එහෙම කියන  ගමන් ගගන්ගෙ නලලට කිස් එකක් දුන්න..

" ඇයි මටත් වැඩ තියනව..."

"මොකක් ඒ මොනාද..."

"ඇයි මට මගෙ කොල්ල දිහා බලන් ඉන්න තියනවනෙ..."

ගගන් ඔලුව උස්සල් මගෙ පපුවට කිස් කරද්දි මන්  ලොකු හුස්මක් හෙලුව..

මීදුම්.Where stories live. Discover now