මීදුම් 65

1.7K 172 129
                                    

මීදුම් ....65 ( අවසන් කොටස...)

ලන්කාවට පය තිබ්බ මොහොතෙ ඉදන් මගෙ ජීවිතයට ලැබුන අත්දැකීම් මාව පුදුම කරද්දි  මන් හිතන්නෙ ටිකෙන් ටික මන් ඒ දේවල් වලට හැඩ ගැහෙන්න ඇති.. ඒක නිසාමයි මන් මීදුම්ගෙ අතීතය.. මන් කියන්නෙ මගෙම අතීතය දැක්කහම කලබල නොවුනෙ...
ඒත් මේ මොහොතෙ නම් මන්  ගොඩාක් පුදුම උනා.. මොකද මන් දැක්ක දේ කවදාවත්ම මන් බලාපොරොත්තු උනේ නැති දෙයක්...
ටිකෙන් ටික ෆ්ලයිට් එකෙන් ආපු සෙනග ගගන්වයි එයාගෙ අප්පච්චිවයි පාස් කරන් ඇදිල යද්දි මම ගල් ගැහිල වගේ බලන් ඉදියෙ ගගන් තුරුලුවෙලා ඉදපු පිරිමි කෙනා දිහ...
ගගන්ව තුරුල් කරන් ටිකක් වෙලා  ඉදල  ගගන්ගෙන් ඈත් උන ඒ පිරිමි කෙනා ගගන් දිහා ආයිමත් බලන් ඉදල ගගන්ට මොකක් හරි කිව්ව.. සෙනග නිසා මට ඒ දේ හරියට ඇහුනෙ නැතත් ගගන්ගෙ මූන සතුටින් පිරිල යනව මන් දකිද්දි ගගන් මන් දිහා එකවතාවක් හැරිල  බලල ඇස් වලින් මගෙ ලගට එන්න කියන්න වගේ බැල්මක් මට දිල ආයිමත් ඇස් ලොකුකරගෙන කවුරුහරි කෙනෙක්ව බලාපොරොත්තුවෙන් වගේ එයාපෝට් එක ඇතුල බල්ද්දි ගගන් එක්කම ඉදපු ඒ පිරිමි කෙනා මාව දැක්ක...

මන් පුදුම උනාටත් වඩා එයා මාව දැකල පුදුම උනා කියල මට හිතුනෙ එයාගෙ ඇස් පුලුමයෙන් මහත් වෙද්දි.. ඒත් එක්කම අතේ තිබ්බ බෑක් එක බිමට අතෑරපු එයා .. ගගන්ව අතෑරල මගෙ ලගට ඇවිල්ල මන් හිතන්නත් කලින් මාව තුරුල් කරගත්තා...

" මීදුම්.... අනේ දෙයියනේ.. මේ හීනයක්ද මන් දකින්නෙ... ඔයා මීදුම් නේද... කියන්න ඔයා මීදුම් නේද..."

මාව තදින් තුරුල් කරගෙන  ඒ පිරිමි කෙනා මගෙන් අහද්දි මට යාන්තම් කතා කරගන්න පුලුවන් උනා...

" කල්ප...."

ඒත් එක්කම මන් කියන්න ගිය දේ නතර උනේ ගගන්ගෙ ලගට වෙලා ඉන්න අනික් කෙනා දැකල...

අවුරුදු විසි දෙකක් ගෙවිලත් තවමත් ඒ පෙනුම වැඩි වෙනසක් වෙලා නෑ කියල මට දැක්ක මොහොතෙම හිතුන...
ඉස්සර කලුවට තිබ්බ අකීකරු  කොන්ඩෙ එහෙන් මෙහෙන් සුදු වෙලා වගෙම මූන පුරා වවල තිබ්බ රැවුල ඒ ආඩම්බරකාර පෙනුම තවත් වැඩි කරද්දි අවුරුදු ගානක මතක සටහන් ආයිමත් මගෙ හිතේ ගොඩ ගැහෙද්දි ඉස්සර මන් වෙනුවෙන් ආදරේ පුරවන්  ඉදපු ඇස් වලින් ආයිමත් වතවක් මන් දිහා බලන් ගමන්  ඇස් වල කදුලු පුරෝගෙන හිනාවෙද්දි මන් ලොකු හුස්මක් ගත්තෙ ජීවිතයෙ හිස් වෙලා තිබ්බ හැම මතකයකටම ආයිමත් පන එනව කියල දැනෙද්දියි...
................................................................

මීදුම්.Where stories live. Discover now