මීදුම් 52

459 95 7
                                    

මීදුම් ...52

වෙනද නොදැනුනු අමුතුම හීතලක් මගෙ කම්බුල් හිරි වට්ටද්දි මන් ගැස්සිලා වගේ ඇහැරුනේ අපි මේ ඉන්නෙ ගෙදර නෙවෙයි නේද කියල නින්දෙන්ම මතක් උන නිසා..
මන් ඉදියෙ හොද සුව පහසු  ඇදක ලා ක්‍රීම් පාට බෙඩ්ශීට් එකකට යටවෙලා..
බෙඩ්ශීට් එක ගනකම බ්ලැක්නට් එකක් වගේ උනත් වටපිටාවෙ තිබ්බ සීතල ඒක නිසා නැතුවුනේ නැතිම තරම් ...
මන් තවමත් ඊයෙ ඇදන් ඉදපු ඇදුම පිටින්ම තමයි ඉදියෙ..
එතකොට කෝ තාරක අයිය..
ගගන් සරුත් මෙහෙද.. ඊයෙ මොකද උනේ
වාහනේ හදාගත්තද..
අපි මෙහෙට ආවෙ කොහොමද.. ඔක්කොටමත් වඩා වාහනේ හිටපු මන් මේ ඇදට ආවෙ කොහොමද මටා මතකයක් නෑනෙ මේ රූම්  එකට එනව...
මන් මගෙ හිත එක්කම දාහක් ප්‍රශ්න ගැන වාද විවාද කර කර පොරවගෙන හිටපු බ්ලැන්කට් එක අයින් කරා...

මෙච්චර වෙලා හීතලයි කියල දැනුනත් දැන් තමා හීතල කියන එක හරියටම දැනුනෙ ..
ඇත්ත මන් නිව්යෝර්ක් වල ඉද්දි මීට වඩා ගොඩාක් හීතලක ඉදල තියනව ඒ කොහොම උනත් එහෙදි ගෙවල ඇතුල  උනුසුම් එලියෙ කොහොම උනත් අනික මන් හිම වැටෙන දවස් වලට එලියට ගියෙ බොහොම අඩුවෙන්.. ඇත්ත ඒ රටේ ඉදපු කෙනෙක්ට ලන්කාවෙ නේ දැනෙන හීතල ගානක් නැතුව වගේ වෙන්න ඕනි ඒත් මට ඒකෙ අනික් පැත්ත..මන් කවදත් හීතලට ඔරොත්තු දුන්න කෙනෙක් නෙවෙයි..
ඇදෙන් බැහැපු මන් මගෙ ගනකම ජර්සි එකේ සාක්කු වලට මගෙ අත් දෙක දාගෙන උනුහුම් වෙන ගමන් එලියට ගියෙ අයියව හොයාගන්න හිතන්...

කාබරෙන් එලියට ආපු ගමන්ම දැනෙන සීතල තව චුට්ටක් වැඩි උනා වගේ මට දැනුනත් ඒක  ලොකු අවුලක් උනේනම් නෑ...
ඒත් සීතලට වඩා දෙයක් මට දැනෙන්න ගත්තෙ හරිම අමුතු විදිහට මට දැනුනෙ මන් මේ හැමදේම  කලින් දැකල තියනව වගේ.. ඒ ගෙදර ඒ පෙනුම මට ඒව දකිද්දි හිතුන  එකම දේ මන් කලින් මෙහෙට ඇවිල්ල  තියනව කියල විතරයි..
ඒ තරම් ඒ හැම  දේම මට හුරු පුරුදුයි..

හිතට දැනෙන මේ නුපුරුදු හැගීම් ගොන්න එක්කම මන් හිත කියපු දිහාට යන්න ගියා..
ඉස්සර ඇරල තියන දොරෙන් මන් එලියට බැස්සෙ අරමුනක් නැති  දෙයක් හොයාගන්න හිතින්.. මන් දන්නෙ නෑ මන් කොහොමද මේ දේවල් දන්නෙ කියල ඒත් මන් දන්නව මන් මෙහෙ කලින් ඉදල තියනව..

මීදුම්.Where stories live. Discover now