මීදුම් 35

562 111 10
                                    

මීදුම්....35


ආදීගෙ තුරුල්ලට වෙලා අනුශ්ක අයිය කියන කතාව අහන් ඉදිද්දි මගෙ සිහිය රැදිල තිබ්බෙ ඒ දිහාට විතරයි ඒක නිසාමද මන්ද එක පාරටම නිකී කුස්සිය එද්දි මන් ඒක දැක්කෙ නැත්තෙ..
මන් යන්තම් ඒක දැක්ක ගමන් ආදිගෙ ලගින් අයින් වෙන්න හැදුවත් ආදි මට යන්න දුන්නෙ නෑ.. නිකිත් අපිව දැකල ටිකක් වෙලා බලන් ඉදල කතා කරන්න ගත්ත...

" ගුඩ් මෝනින්.. අයියලා.."
එයා හිනා වෙලා කතා කරද්දි අනුශ්ක අයිය කතා කරා...
"ගුඩ් මෝනින්.. කෝ අනික් දෙන්න.. "

"අන්න ඇහැරුනා අයිය හසීනම් වොශ් රූම් එකේ අයිය සාලෙ...මන් ආව ටී එකක් හදාගන්න කියල ..මට ටී එක නැකිට්ට ගමන් ඕනි.."

"ආ මන් ඔක්කොටම ටී හදල ෆ්ලාස්ක් එකට දැන්ම දාගෙන බොන්න.."

"අයියල බිව්වද .. "

"ඔව් ඔයාල බොන්න..."

මග් ටිකක් ගත්ත නිකී ඒව ටී වලින් පුරවන් අපිට යන්නම් කියල කුස්සියෙන් යද්දි ආදි මගෙ නහය හයියෙන් මිරිකුව ...

" මොකද මෝඩයො රුදුන මට..."

"රිදෙන්න තමා කරේ.. මන් කිව්ව නේද එයාල ලගදි කලබල නොවී ඉන්න කියල..අනික එයාල මොනා හිතුවත් මට අදාල නෑ උබ මගෙ මට ඕනි විදිහට මන් උබ එක්ක ඉන්නෙ .."

ආදි ඔරවන් කියද්දි මට හිනාවකුත් ගියා...

ආදි කියන එක ඇත්ත ලෝකෙම එරෙහි උනත් මේ පිස්ස කරන්නෙ ඌට ඕනි දේ...අනික එයාට කවදාවත් මාව හංගන්නවත් ලෝකෙට පේන්න වෙස්මූනක් දාගන්නවත් ඕනි උනේ නෑ.. එය අපි දෙන්නගෙ ආදරේ ගැන ආඩම්බර උනා.. එහෙම බලද්දි මන් හරිම මෝඩයි පොඩි දේටත් කලබල වෙන එක..

" ආදි මේ ලන්කාව...  ලන්කාවෙ ඔය විදිහට කොලො දෙන්නෙ ඉන්නව දැක්කොත් ගලුත් ගහන මිනිස්සු ඉන්නෙ උබ හැදුනනෙ ලන්කාවෙ නෙවෙයි උබට ඒක සාමාන්‍ය උනාට මේ කොල්ල හැදිල තියෙන්නෙ එහෙම නෙවෙයි ඌට කාලයක් දිපන්  ..."

අනුශ්ක අයිය එහෙම කියන ගමන් මග්  එක අතට අරන් සින්ක් එක දිහාට යද්දි ආදි අනුශ්ක අයිය කියපු එක ඇහුනෙ නෑ වාගේ මගෙ අතක් හයියෙන් හැපුව...

" ආව් බූරුව..."

"උබට හපන්න හොදයි බලපන් ඊයෙ මාව හපල තාම රතුවෙලා එතන "
ආදි එයාගෙ ජර්සි එක උස්සල පපුව පෙන්නද්දි මට හිනා...

මීදුම්.Where stories live. Discover now