මීදුම් 08

1K 198 12
                                    

මීදුම් ....8

මන් රෑ නිදාගත්තෙ පහු වෙනිද කීයටද එලි වෙන්නෙ කියල හිත හිත...
හිත පුරා කියාගන්න බැරි මොකක්දෝ ලොකූ සතුටක් හිර වෙලා ඒ... සතුට මට වෙලාවකට දරාගන්න පුලුවන් කමක් නෑ කියල මට හිතුන... මන් දන්නව මේකට තමයි ආදරේ කියන්න කියන්නෙ...
අනික අය කොයි තරම් වචනයෙන් ආදරේ කියන්නෙ මේකයි කියල කියන්න හැදුවත් ඒ හැගීම  හරියට දැනගන්නනම් ඒක විදින්නම ඕනි...
ජීවිතයෙ මෙච්චර කල් අහල  තිබ්බත්.. පොත් පුරාවට අකුරු දහස් ගානකින් ලියල තිබ්බ ඒ හැගීම් ගැන කියෙව්වත්.. මන් කවදාවත් දැනන් ඉදියෙ නෑ ඒ හැගීම මෙච්චරටම ලස්ස්නයි කියල..
මන් දන්නව මන් ආදිත්‍ය සර්ට ආදරේ කරනව... ඒක මගෙ අහින්සක හිතෙන් මගෙ අවන්ක හැගීමෙන්ම ඉපදුනු ආදරයක්..
තවත් කොල්ලෙක් වෙනුවෙන් ඉපදුන ආදරයක් තමයි.. ඒතේ ආදරෙත් කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කරන ආදරේ තරම්ම පරිපූර්නයි.. ඒ වගේම තාත්තකෙනෙක් දරුවෙක්ට දෙන ආදරේ තරම්ම  පිවිතරුයි... ආරක්ශිතයි.. අම්ම කෙනෙක්ගෙන් දරුවෙක්ට ලැබෙන ආදරේ තරම්ම උනුහුමින් පිරිල.. මන් දන්නෙ නෑ සමහර විට ආදිතය සර් මට ආදරේ කරන එකක් නෑ... ඒත් මන් ආදරෙයි......
මේ අවුරුදු ගාන පුරාවට මගෙ හිතේ කොනක  ගොඩ  ගැහිල තිබ්බ හැම  අහිංසක හැගීම් ඔක්කොම එකතු වෙලා මගෙ හිතේ දලු දාල වැඩෙන ඒ ආදරේ තවත් හයිය කරද්දි  මන් මගෙ හිතෙන් තනියම විදින ඒ අමුතුම ආදරේ කියන හැගීම ගොඩාක් ආසාවෙන් විදගත්ත...

...........................................................................

කාර් එක තාම හදල නොතිබුනු නිසා මන් බයික් එකෙන් තමයි වැඩට ගියෙ.. ගොඩ කාලෙකින් බයික් එක අතට ගත්තෙත්.. ඒක නිසා පොඩි නුහුරු ගතියක් තිබ්බ උනත් ටිකක් වෙලා යද්දි  ඒක හරි ගියා...

බයික් එක පාර්ක් එකට දාල මන් හෙල්මට් එකත් ගලවන ගමන් ඔෆිස් බිල්ඩින් එකට යන ගමන් කල්පනා කරේ ආදිත්‍ය සර් ඇවිල්ල ඇද්ද කියල...

.................................................................

ආදිත්‍ය සර්ගෙ ඔෆිස් එක ලගින් යද්දි මට ඒ දිහාට යන්න කොයි තරම් ආස හිතුනත් මන් ඉවසගෙනම මගෙ කැබින් එකට ගියා...
කොයි තරම් කරත් මන් මගෙ වගකීම් ටික හරියටම කරන්න ඕනි.. ඒක නිසාම මන් ගිහිල්ල පුරුදු විදිහටම මගෙ වැඩ  ටික කරන්න ගත්ත... හදිස්සියක් නොතිබුනත් මන් ඉක්මනට ඒ වැඩ ටික ඉවර කරල දාන්න ආදිත්‍ය සර්ට ඔෆිස් එකේ වැඩ ටික කරන්න උදව් කරන්න ඕනි කියන දේ හිතේ තියාගෙන...

මීදුම්.Where stories live. Discover now