මීදුම් 45

477 105 14
                                    

මීදුම්...45

"මොකද උනේ...ආයි ඔලුව රිදෙනවද..."

මන් කාර් එකේ වාඩි උන ගමන් අයිය මගෙන් ඇහුව

" ම්.... ඔව් අයිය ආයි එක පාරටම ඔලුව රිදෙන්න හැදුන..."

" හරි අපි හෙට යමු ඩොක්ටව චැනල් කරන්න..

" ඕනි නෑ අයිය මේක ඇරිල යයි.."

"මගෙන් මොකුත් අහගන්න එපා... කටවහන් හෙට මන් කිව්වහම යන්න ලෑස්ති වෙනව..."
" ඒත් මට හෙට ලෙක්චර්ස්නෙ...."

"කීයටද ඉවර වෙන්නෙ..."
"තුනට..."
"හරි ඉවර උනහම යමු... වෙන කතා නෑ එච්චරයි ...."

තාරක අයිය ටිකක් සැරෙන් වගේ කියද්දි මන් කට වහන් ඉන්න ඉදියෙ මගෙ හොදටමනෙ මේ හැම දේම කරන්නෙ කියල හිතන ගමන්...

...........................................................

හයහමාරට එලාම් එක වදින්න ගත්ත නිසා මන් ඇස් පියාගෙනම ඒක කට් කරල දාල නිදිමරගාතෙම වැනි වැනි බාත්රූම එකට ගියෙ වොශ් එකක් දාගන්න...

උදේම දැනෙන සීතල ගතියත් එක්කම මන් නාගත්තෙ නිදිමත යන්නත් එක්ක.. නාගෙන කොන්ඩෙ තෙත පිටින්ම කාබරේට ආපු මන් කොන්ඩෙ පිහිදල ඇදුමක් දාගත්ත..

ඩෙනිමක් එක්ක ලා නිල් පාට ටී ශර්ට් එකක් දාගත්ත මන් ඊයෙ ගත්ත පොත් තුනකුයි පෑන්පැන්සල් තියන පෙට්ටියයි බෑක් එකට දාල වහගෙන  පර්ස් එකත් බෑක් එකටම දාගෙන  කාබරේ දොර වහගෙනම එලියට ගියා..

මන් ගියෙ  බිත්තියෙ ගහල තිබ්බ  ඔරලෝසුව දිහා බලාගෙනමයි...
හතහමාරයි..  දැන්ම ගියොත් ටිකක්  වේලාසනින්  කැම්පස් එකට යන්න පුලුවන් කියල හිතන ගමන්..

මන් පහලට යද්දි කුස්සියෙ ඉදන් නැන්ද කතා කරා...

" සුදූ... ඔයා ඇහැරුනාද මන්න් මේ එන්න හැදුවෙ ඇහැරවන්න.."

" good morning  නැන්දා මන් අහැරුනා.."

"හ්ම්ම්.. එන්න් ඇවිල්ල කන්න මන් කෑම හැදුව..."

"අයියෝ ඇයි මහන්සි උනේ... මන් මොනාහරි කඩෙන් ගන්නම්..."

"කඩෙන් කන්න ඕනි නෑ ඇවිල්ල කන්න මන් අයියව ඇහැරවල එන්නම් ඔයාව එක්ක යන්න..."

මීදුම්.Where stories live. Discover now