මීදුම් 14

926 169 18
                                    

මීදුම් ....14

" මීදුම් ... මන් ඔයාට ආදරෙයි..."

මට දැනුනෙ මන් දකින්නෙ හීනයක් කියන එක...
ඒත් ආදිත්‍ය සර්ගෙ උනුහුම් හුස්ම පාරවල් මගෙ නලල උඩට වැදෙද්දි....
සර්ගෙ පපුව ගැහෙන වේගෙ මගෙ කන් වලට ඇහෙද්දි ..
සර්ගෙ ඇස් වලින් වැටෙන කදුලු බින්දු මගෙ බෙල්ලට වැටෙද්දි මගෙ හිත කෑ ගහන්න ගත්ත...

උබ ප්‍රාර්තනා කරපු දේ ඔන්න හැබෑවෙලා..
දැන් වත් කට ඇරල කතාකරපන් කියල...
ඒත් වචනයක් වත් කියාගන්න බැරි තරමට ගොලු වෙලා...

මගෙ පපුව මහ හයියෙන් ගැහෙන්න අරන් කියල මට දැනෙන්න ගත්ත.. ඒ එක්කම මට දැනුනෙ කියාගන්න බැරි තරම් සතුටක්...
ඒ සතුට මගෙ හිතට දරාගන්න බැරි නිසාමද මන්ද මගෙ ඇස් වලින් මටත් හොරා කදුලු කඩන් වැටුන...

ඒත් එක්කම මාව එයාගෙ තුරුල්ලෙන් ඈත් කරපු ආදිත්‍ය සර් මගෙ දිහා කලුවරේම බලන් ඉන්නව කියල මට දැනුන...

"සර්....."

මට ඉතිරි ටික කියාගන්න බැරි උනෙ ආදි සර් ආයි කතා කරන්න ගත්ත නිසා...

" ශිට්... සොරි මීදුම් .. මට සමාවෙන්න... මට වැරදුනා... මගෙ අතින් ලොකු වරදක්  උනා..."
ආදි සර් ලොකු වැරැද්දක් කරපු කෙනෙක් වගේ කියල මගෙ ලගින් අයින් වෙලා එක පිම්මට ඇදෙන් බහිද්දි මාව ගැස්සුනා.. ඒත් එක්කම මගෙ හිත කෑ ගැහුව  එයාට යන්න දෙන්න එපා කියල...
ආදි සර් මගෙ රූම් එකෙන් යන්න හදද්දිම මන් අත දික් කරල එයාව අල්ල ගත්ත ...
කරුවල නිසා  අල්ල ගත්තෙ මොකෙන්ද කියල මන් දැක්කෙ නෑ ඒත් එයා අදන් හිටපු ටී ශර්ට් එකෙන් අල්ලන් ඉන්නව වගේ තමා මට දැනුනෙ...

" සර්... මමත් ඔයාට ආදරෙයි..."

මෙච්චර දවසක් හිත පුරා හිර වෙලා තිබ්බ ඒ හැගීම් ගොන්න මන් කියල දැන්මෙ ඒක තවත් හිතේ තියන් ඉන්න හයියක් මට නැති නිසා...

මන් එහෙම කියද්දිම වගේ ආදි සර් කාබරෙන් එලියට යන්න  හදපු එක නැවැත්තුව කියල මට දැනුන...

මන් මගෙ අනික් අත දික් කරල කාබරේ  ලයිට් එක දැන්මහම තමා මන් දැක්කෙ ඇස් දෙකේ කදුලු පුරවන් මගෙ දිහා බලන් ඉන්න් ආදිත්‍ය සර්ව...

මීදුම්.Where stories live. Discover now