01... යලිත් නුඹ.....🌹🌹

5.6K 458 306
                                    

🌹🌹 Its about you 🌹🌹.............

",සීන් අයියා ...... සීන් අයියා ......."

ෂොප් එක විවෘත කර විනාඩි දහයක් ගතවූයේ නැත...... ඉතින් මේ කඩාගෙන බිදගෙන එන්නේ සීන්ගේ අතිජාත මිතුරන් ගෙන් එකෙකි....

" මොකද බං...... තාම මම බිස්නස් එකක් වත් කරේ නෑ...... අත තියන්නෑ ටොපියකට වත් ...."

බුදු පහනට හදුන්කූර ගසමින් සීන් කෑගැසුවේය ...

" යකෝ පහන තියපං සන්සුන් වෙලා......"

බින් කෑගසමින්ම එතැනට ආවේය.....

" හා.... දැන් කියපංකො බලන්න උදේ පාන්දර උඹේ රේඩාර් පද්ධතියට මොකක්ද ලැබුණු නිව්ස් එක කියලා ....."

කැෂියර් මේසය අසල ඇති පුටුවෙහි වාඩිවෙමින් සීන් ඇසුවේය ....

(සීන් ෂියාඕ ශාන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(සීන් ෂියාඕ ශාන් .... වයස අවුරුදු තිහකි.... තමන්ගේම ග්‍රොසරියක් පවත්වාගෙන යන්නේය.....)...

මේ  ෂැංහයි සිට හරියටම පැය නවයක් ගිය තැන දී හමුවන ෆූජියෑන් ( fujian ) කදුකර ගම්මානයයි... තේ වගාව ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත් අහිංසක මිනිස්සු මෙහි ජීවත්වේ...සීන් යනු මෙහිම ඉපදී කුඩා කල පටන් තේ වතු මැද සෙල්ලම් කරමින් තම දුප්පත් දෙමව්පියන් සෙවනේ හැදී වැඩුනු හිත හොද මිනිසෙකි.... මෙහි තිබෙන බොහෝ තේ  වතු  විශාල ආයතන වලට අයත් ඒවා වුවත් සීන්ට ඔහුගේ දෙමාපිය උරුමයෙන් ලැබුනු අක්කර කිහිපයක කුඩා  තේවත්තක් උරුමවී තිබුනි..... වයස අවුරුදු පහළොවේදී  සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මව මියයන අතර පියා එතැන් පටන් බීමත්ව ඉබාගාතේ යමින් ජීවත්වේ.... ඔහුට වඩා අවුරුදු අටක් පමණ  බාල සොහොයුරෙකුගේ බරත් කරමත පැටවුනු නිසා සීන් ඉගෙනීම නතරකර ජීවන අරගලයට පිවිසුනේය .....මුලින් තමන්ගෙම  තේවත්තේ  වැඩකරමින් එය පාලනය කරගෙන සිටි අතර මීට වසර අටකට පමණ ඉහතදී ඔහු මේ ස්ථානයේ කුඩාවට කඩයක් ආරම්භ කලේය.... මුලින්ම එදිනෙදා මිනිස්සුන්ට අත්‍යවශ්‍ය වන භාණ්ඩ කිහිපයක් එහි තිබුණු අතර සීන්ගේ උත්සාහය නිසාම දැන් එතැන විශාල ප්‍රමාණයේ ග්‍රොසරියක් බිහිවී ඇත.... සොයුරාගේ , පියාගේ සියලුම වගකීම සොයා බලා ඉටුකරන්නේද සීන් විසින්මය.... 

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now