28.. හෙමින් සැරේ...

1.3K 375 298
                                    

🌹🌹 Its about you 🌹🌹 ........

යීබෝ සහ යුවාන් නිවස ඉදිරියර ලයිට් සවිකරමින් සිටියේය .... වටපිටාවේ සෑහෙන පිරිසක් මිදුලේ තැන් තැන්වල වාඩිවී සිටියේය.... සීන් නිවසෙහි එක් පසෙක පිරිසට කෝපි හදන්නට සූදානම් කරද්දී අසල සිටි ගැහැණු ලමුන් පිරිසකගේ කතාවක් ඇසුනි...

" අර කහපාට ටීෂර්ට් එක ඇදලා ඉන්න අයියා මාර ලස්සනයි අනේ...මේ ඔන්න එයා මගේ හොදේ.... බලන්නකො එයා හිනාවෙනකොට මාර ලස්සනයි අප්පා..........."

කෙල්ලන් බලා සිටින ඉසවුවේ කහපාට ටීෂර්ට් එක කවුරුන්දැයි සීන් බැලුවේය .....

**

කහ ටීෂර්ට් එක ඇදගෙන යුවාන් සහ සොන් සමඟින් කතාකරමි බල්බ් වගයක් සෙට්කරන්නේ යීබෝ බව සීන් දුටුවේය ... යීබෝ යන යන දෙසට කෙල්ලන්ගේ ඇස් දිව යන්නේය..... සීන් වීදුරු සෝදමින් විනාඩි දහයක් පහලොවක් මේ නටකය දෙස බලාසිටියේය ... යීබෝට වගක්වත් නැත... තිදෙනාම බර වැඩකි.... දැන් යීබෝ සිටින්නේ පුටුවක් මත නැගී අත්දෙකෙන්ම ගසක රැදවූ හෝල්ඩරයට බල්බයක් සෙට් කරමින් ය... අත්දෙක ඉස්සෙද්දී විවරවී ඇති ඉන දෙසත් කෙල්ලන් කටත් ඇරගෙන බලාගෙන සිටිනු දුටු සීන්ගේ රතුකට්ට පැන්නේය....

එතැනින් ඇවිද යන ජින්ට සීන් කතාකලේය ...

" සීන් අයියා ....'"

" කොල්ලා බෙයාට මං අඩගැහුවා කියපං....."

වීදුරු සෝදන අතරම යටින් කෙල්ලන් දෙසත් බලමින් සීන් කීවේය .....

" හරි සීන් අයියා ....."

ජින් ගොස් පනිවිඩය කීවේය ... දැන් යීබෝ සීන් අසලට ඉක්මනින් ඉක්මනින් එන නිසා කෙල්ලන්ගේ දෑස් ඔහු පසුපසින් යයි.....

" සිංගා ඇයි....."

යීබෝ ඉතින් පුරුදු පරිදි ඇගේ ඇතිල්ලෙන්නට පටන්ගත්තේය ..

" බලන්න කොන්ඩෙත් අවුල්වෙලා .... දාඩිය දාගන්න එපා මැණික ...."

සීන් යීබෝගෙ අවුල්වී ඇති හිසකේ අතින් සකසමින් කීවේය ..

" ලයිට් ඇද්දනේ.... දැන් මිදුල එළියයි......"

යීබෝ සිනාසෙමින් කියද්දී සීන් යටැසින් කෙල්ලන් දෙස බැලුවේය ... ඔවුන් කුතුහලයෙන් දෙදෙනාම දෙස බලාසිටින අයුරු සීන් දුටුවේය ...

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now