34.. ප්‍රති උපකාරය...🙏

1.1K 358 255
                                    

🌹🌹 Its about you 🌹🌹 .......

⏳⏳⏳⏳⏳

දිනෙන් දින සෙමින් ගෙවෙමින් තවත් සති දෙකක් නිවී සැනසිල්ලේ ගතවී ගියේය ... ඉතින් සීන්ගේ වියදමින් යුවාන් සහ යීබෝ විනෝද චාරිකාවටත් සහභාගී විය... එය ඉතින් ජූනියර් බැජ් එක පමණක් සහභාගී වූ ගමනක් නිසාවෙන් කරදරයක් සිදුවූයේම නැත...

එදා සීන්ට හොරා තේ ෆැක්ට්‍රියේ වැඩට ගිය පසු දෙදෙනා ඒ පැත්ත බලාගෙන බත් වත් නොකන්නට තීරණය කලේ ඇඟපතේ අමාරු අඩුවන තුරු දින දෙකක්ම සිටින්නට සිදුවූ නිසවෙනි ..

මේ ගෙවෙන්නේ සැප්තැම්බර් අවසාන දින කිහිපයයි....

" බෙයා.....බෙයාපැටියා ...."

සීන් යුවාන් ව කැෂියර් එකේ නවත්වා නිවස තුලට ආවේ යීබෝව සොයාගෙනයි... දිනය සෙනසුරාදාවක් නිසා අද දෙදෙනාම නිවසේ සිටින්නේය...

" සිංගා මං මෙහේ...."

යීබෝගෙ හඩ ඇසෙන්නේ නිවස පිටුපස ඇති අඩක් නිමකරන ලද ස්ටෝරු කාමරයෙනි.... සීන් ඉක්මනින් ඒ දෙසට යද්දී යීබෝ බලු පැටවුන් සමඟ එහි වාඩිවී සිටිනු දුටුවේය  ..

" මම බයවෙලා හැමතැනම හොයනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මම බයවෙලා හැමතැනම හොයනවා.... මේ කොල්ලා බලු පැටව් නලවනවා....'"

සීනුත් ඒ අසලින් වාඩිවෙමින් කීවේය ...

" බලන්න සිංගා එයාලා බෝලගෙඩි වගේ මේක ඇතුලෙ දුවන ලස්සන..... "

යීබෝ ආශාවෙන් කීවේය  ... මුලින් පහක් සිටියත් අසනීපවී කුක්කන් දෙදෙනෙකු මිය ගියේය  .. එදින යීබෝ රාත්‍රී ආහාරවත් ලබා නොගත් බව සීන්ට සිහිවිය... ඉතින් ඒ නිසාම සීන් ඉතුරු පැටවුන් තිදෙනා වෙනුවෙන් විටමින් පවා රැගෙන දුන්නේය...

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now