07.. මීමින්නා ....🐾️

1.7K 395 281
                                    

🌹🌹 Its about you 🌹🌹.......

" ඔන්න මම කාමරේ අස්කලා...... සීන්ගගා  ....මට ඕනෙවිදිහට අස්කරගත්තා හොදේ....."

දිවා ආහාරය සදහා නිවස තුලට ගිය සීන්ට යීබෝ සිනාසෙමින් කීවේය ...

" දැන් පිට රිදෙනවා අඩුයිද බෝදි...."

කන්නට පෙර සීන් ආලින්දයේදීම කමිසය ඔසවා බැලුවේය ....

" ටිකයි රිදෙන්නෙ ඉතින්...."

යීබෝ කීවේය ...

" හ්ම්ම්....එන්න කමු....."

තිදෙනාම ආහාර ගත්තේය ...

" ගගා.... අංකල් කොහෙද යන්නෙ හැමදාමත් උදේට .....'"

ආහාර ගෙන අවසන්වී සීන් භාජන සෝදන තැනට විත් යීබෝ ඇසුවේය ...

" එයාගෙ හවස සුමිහිරි පානයට හම්බකරගන්න යනවා .."

සෝදන භාජන පිසදමමින් සිටි යුවාන් සිනාසෙමින් කීවේය ...සියල්ල අවසානයේ ග්‍රොසරිය තුලට යන්නට පෙර සීන් කාමරයට හිස පොවා බැලුවේය .... කාමරය පුරාවටම ඇත්තේ යීබෝගෙ දේවල් ය.... ඇද මත රතු සහ කොල පැහැයෙන් මධ්‍යම ප්‍රමාණයේ ටෙඩියන් දෙදෙනෙක්ද සිටියේය ....සීන්ගේ හදවත පිරී යන්නට පටන්ගත්තේය ....

' එයා ඉතින් මාත් එක්ක එකම කාමරේ..."

සීන් එසේ සිතමින් යලිත් ග්‍රොසරිය තුලට ආවේය ... යීබෝ සහ යුවාන් පාඩම් කරන්නට පටන්ගත්තේය ....ඉතින් සවස හතර පහ වනතුරු කාලය ඔහේ ගලාගෙන ගියේය...

" සීන් අයියා .......'"

ග්‍රොසරියට මදක් පල්ලමේ ඇති කුලී රථගාල අසල සිට කවුරුන් හෝ කෑගසන්නට පටන්ගත්තේය ...

" සීන් අයියා වලියක් වගේ....."

බින් ග්‍රොසරියෙන් පිටතට දීව්වේය... සද්දය ඇසී යුවාන් සහ යීබෝත් එතැනට ආවේය.... දෙන්නා කඩේ ඇතුලෙන් එළියට අඩියක් තියන්නෑ......

සීන් ඉක්මනින් කඩයෙන් එළියට යමින් කීවේය .... දෙදෙනාම ග්‍රොසරිය තුල ඇති විශාල වීදුරුවෙන් පහල බලන්නට පටන්ගත්තේය ...

" ඒ........ඒ...........මොකක්ද මෙතන වෙන්නෙ....."

සීන්ගේ හඩ ඇහෙද්දී වටේ එකතුවී සිටිවුන් දෙපැත්තට විය  .... ඒතරමට සීන්ට මෙහි ඇත්තේ පිළිගැනීමකි....එක් මිනිසෙක් ටැක්සි රියදුරෙකුගේ කොලරයෙන් අල්ලාගෙන සිටින්නේය .....

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now