12.... ලොකු වැරැද්දක් ...🔗

1.7K 402 290
                                    

🌹🌹 Its about you 🌹🌹.............

ආදරයක තතු නුඹ ගැන හද පත්ළෙම හිමි හිමිහිට..
දළු දමමින් සිත පිරුණෙම රත්තරනේ බොහො කල් සිට..
කියාගන්න නොහැකි හැඟුම් සිර කරමින් ලතවූවට..
නුඹත් සෙනෙහෙ පුරවාගෙන ඉවසලනේ මං තරමට..

තුරුළු වෙද්දි නුඹ ඇවිදින් නිතර නිතර මේ පපුවට..
සඟවගන්න බැරිම තැනයි පෙම පිදුවේ පුංචි සිතට..
හුරතලයෙන් මා අසළම දැවටි දැවටි දඟ කෙරුවට..
දුටු සිහිනය සොයුරු එක්ක සැබෑ කරන් දෙනවද මට..

මගේම ආදරණීය බෙයාට... 💚
සිංගාගෙන්... ❤️.......

Mshihara නංගි බබීගෙන් අදත් ලස්සන සිතුවිල්ලක් ..... ගොඩාක් ගොඩාක් ස්තූතී කවිකාරියේ......

🌞 🌞🌞🌞🌞

ෆූජියෑන් අහසට ලස්සන ඉරක් පායමින් තිබුනි..... මහ රාත්‍රියේ කොයිතරම් ධාරානිපාත වර්ෂාවක් ඇදහැලුනත් පාන්දර වනවිට වර්ෂා නතරවී තිබුනි.... ඉදින් පැහැදිලි අහසක්..... වළාකුළු වලින් තොර පිරිසිදු අහසක් මත හිරු කිරන සෙමින් සෙමින් දිගහැරෙමින් තිබුනි....තවමත් සූර්‍යා පූර්ණව මිහිමතට නොපැමිණියත් ඒ ආලෝකය නිසාම හිමිදිරිය උදාවෙමින් තිබුනි....

සීන් දෙනෙත් හැරියේද හිරු නැගෙන්නට පෙරාතුවයි .. හිරු නැතත් ඉරක් මෙන් දිදුලන ආදරණීය මුහුණක් තම පපුව මත සනීපයට නිදාසිටින අයුරු සීන් දුටුවේය ... දැන් තමන් පෙම්වතෙකු නොවේදැයි සීන් ආඩම්බරයෙන් සිතුවේය ....

ඇත්තෙන්ම යීබෝ පිළිබඳව ආලසිතක් තමන්ට පහලවූයේ කවදාදැයි යීබෝගෙ හිසකේ මත සෙමින් ඔහුගේ අතැගිලි යවමින් ඔහු කල්පනා කලේය...

ඒ මීට අවුරුදු හතකට පමණ පෙර බව ඔහුට සිහිවිය... දන්නා කාලයේ පටන් යීබෝ වැඩිහරියක් සිටියේ මේ නිවසේමය.... යුවාන් සමඟ දඟලමින් සෙල්ලම් කරමින් කුඩාකල සිටම ඔහු සෙමින් වර්ධනය වන අයුරු සීන් දුටුවේය .. ඉතින් යුවාන් මෙන්ම යීබෝත් සීන්ගේ සොයුරෙකු මෙන් ඔහුට දැනුනි ....

" ගගා කයිසම අන්දන්නකෝ....."

ඒ අවදියේ පටන් යීබෝ ඕනෑම දේකට සීන්ව සොයා එන්නේය.... හදිසියේම ඩොක්ටර් හැරන් හට බෙයිජිං වල ඔහුගේ පියාගෙ වැඩ වගයකට යන්නට සිදුවී ඔහු මාසයක නිවාඩුවක් ගෙන යිබෝ මව සග චූටි තුෂී සමඟින් ඔවුන් බෙයිජිං ගියේ යුවාන් ඉකිගසමින් හඩද්දී ය....

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now