16... මගෙ හිතත් ඒ වගේ...💮

1.5K 380 205
                                    

🌹🌹 Its about you 🌹🌹......

🌞 🌞🌞🌞🌞

ශනිදාවටත් හිරු උදාවිය .... ඉතින් යීබෝට සහ යුවාන්ට අද සහ හෙට නිවාඩු දිනයන් ය..... දැන් දින දෙකක් පමණ රාත්‍රී වර්ෂාව නොමැති නිසා උදෑසනට තද සීතලක් නැත්තේය ....

ඉතින් හයට පමණ සීන් දෙනෙත් හැරියත් තවත් ටිකවෙලාවක් ඔහුගේ ආදරය පපුවට තදකරගෙන කල්පනා කරමින් සිටියේය    ....... අද පපා වැඩකට යන්නේ නවයට පමණ කියූනිසා බින්ටත් අටට එන්නට යැයි සීන් කීවේය ... සිතින් සීන් යීබෝගෙ නලල සෙමින් සිඹ ඔහුගේ සිනිදු කෙස්ගස් අතරින් සෙමින් අතැඟිලි යවමින් හිස අතගාන්නට පටන්ගත්තේය ....

"  මගෙ පණ...... ඊයෙ ඇඩුවා ඉතින්..... ඒත් මට බයයිනේ මැණික ..... "

සීන් තවත් ටිකවේලාවක් ඔහුව තුරුලුකරගෙන හිද සෙමින් අවදි නොවනලෙස ඇදෙන් බැස්සේය .... ඔහු වෙනුවට ඔහු හිස තැබූ කොට්ටය යීබෝ අසලින් තැබුවේය .... ඉතින් හතත් පසුවී  ඇතිනිසාවෙන් සීන් මුලුතැන්ගෙයට ගියේය..... උදෑසනට පමණක් සැන්ඩ්විච් සැකසූ ඔහු කිරි හදා ප්ලාස්ක් එකට දැමුවේය .....දෙදෙනා අවදිවූ  වෙලාවක ඔවුන්ට ඉතින් එය බොන්නට හැකිය...

" සීන් අයියත් අද ටිකක් පරක්කුවෙලා වගේ..."

සීන් ග්‍රොසරියේ ඉදිරිපස දොර අරිද්දීම බින් එතැනට ආවේය .. බින් එලෙසින් කියද්දී සීන්ට පොළොව පලාගෙන යන්නට සිතුනි... මොකද බින් කිසිම දිනයක මේ ලෙසින් ග්‍රොසරිය අරින තුරු එළියට වී හිද නැත....සීන් සාමාන්‍යයෙන් උදෑසන හයයි තිහත් හතත් ඇතුලත ග්‍රොසරිය විවෘත කරන්නේය....

" පිට එකෙක් වගේ ඔතනට වෙලා හිටියේ අර පිටිපස්සෙන් එන්න එපැයි ගේ ඇතුලට... උඹෙත් වෙලාවකට මහා ලොකුකම නේද බං....."

ඇතිවූ ලැජ්ජාව වසාගන්නට සීන් කෑගැසුවේය ...බින් ඕවාට කිසිවක් කියන්නට ගියේ නැත.... නිහඩව ඔහු අස්කරන්නට පටන්ගත්තේය .... සීන් බුදු පිළිමයට හදුන්කූරු ගැසුවේය .... පසුව බින් සමඟින් අස්පස් කරද්දී එක්කෙනා දෙන්නා එන්නට පටන්ගත්තේය ...

" සීන් අයියා මේ බිල දාන්න......සීන් අයියා මෙතන කෑලි හතරයි ඒක දාන්න.... සීන් අයියා බීම බෝතල් පහකට ගන්න....."

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now