🌹🌹 Its about you 🌹🌹 .....
udeni94 කතාවෙ මේ දවස්වල යන කොටස් වලට ගොඩක්ම ගැලපෙන cover picture එකක්.....ගොඩක් ස්තූතියි නංගා.....🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
"ආවූ.....සිංගාපපා ....හයියෙන් ම මිරිකන්න එපා ....හිමිං...හිමිං.....ඌහ් රස්නෙයි අප්පා ...... පහලට පහලට......අනේ මට බෑ පපා........"
මේ යීබෝ පත්වීම ලබාගෙන දින දෙකකට පසුව යෙදුනු හවස් වරුවකි..... පුහුණු වෛද්‍යවරයෙක් ලෙසින් ටියැන්ජින් රෝහලට ගිය යීබෝ ඉන්දීය වෛද්‍යවරයකු යටතේ පුහුණුව ලබයි... වාට්ටු දෙකක පුහුණුවීම් සිදුකරන අතර එක් වාට්ටුවක සිට අනෙක් වාට්ටුවට කිලෝමීටරයක් පමන ඇවිද යා යුතුය... එමෙන්ම ඉන්දීය වෛද්‍යවරයාගෙන් අලුත් වෛද්‍යවරුන් හට කිසිම බුරුලක් නැත.... සවස්වන තුරු සියල්ල ඉවසා දරාගෙන සියින යීබෝ ඒ සියලුම වේදනාව සහ කේන්තිය පිටකරන්නේ අසරණ සීන් සහ ෂියාඕ හරහාය...
" චුට්ටක් ඉවසන්න ඉතින් බෙයාපැටියා ... ඇත්තමයි තවත් ඔයවගේ මගෙ මැණිකට වද දුන්නොත් මම ඔය හින්දි දොස්තරයව පරලොව යවනවා....."
සීන් කේන්තියෙන් කීවේය ... යීබෝ සීන්ගේ අත්කින් අල්ලාගත්තේය ....
" ඒ මනුස්සයව පරලොව වැඩක් නෑ සිංගාපපා ... අපිනේ හරියට ඉගෙන ගන්නෝනේ..... ඔයත් නං අනේ මන්දා ....."
ඉතින් සීන් යලිත් කිසිවක් නොකියා යීබෝගෙ කකුල් මසාජ් කරන්නට පටන්ගත්තේය ..... ෂියාඕ රාත්‍රී ආහාර සූදානම් කරමින් සිටී....
" ඕං ඕං ඉතින්.....දැන් ඔච්චර උඩ අතගාන්න ඕනෙද අප්පා . .. දනහිසෙන් පහල රිදෙන්නෙ මගෙ ...."
යීබෝගෙ කෑගැසීම් වලට ෂියාඕ ටත් සිනා පහලවිය....
" හරි හරි ඉතින් ....කකුල කැක්කුමයි කියලා විතරයි නේ කිව්වේ..... දනහිසෙන් පහල කැක්කුමයි කියලා නෙවෙයිනෙ...ඉතින් කකුල කිව්වහම මේං මෙතනට යනකල්ම තියෙනවා ...."
YOU ARE READING
Its about you ..... zhanyi fan fiction ( Complete )
Fanfictionදඟකාර නෙතු අතර මගේ සිත නැවතිලා.... ඉතින් අතහැර යන්න නොහැකි ලෙස සැඟවිලා... අමනාප කෝලකම් පුරා සැර වැර වෙලා.. රකින්නට හදවතක් ඉතින් මට හිමිවෙලා..... 💚❤️ yizhan forever 🐢 🐢 🐢 🐢