18.. එයා මගේ...🤝

1.6K 387 344
                                    

🌹🌹 Its about you 🌹🌹

🌻🌻🌻🌻🌻

සැනසීම ඔබම විය මේ දැවෙන පපුවට....
වතුර පොද නුඹම විය ආදරය උතුරන .....
ස්නේහ ගඟ නිල් නයන දිලෙන ඇස් මුතුකැට ....
දසන් හිනැහෙන විටදි සැනසීම අතලඟ....

තුරුලට අරන් පපුව අස්සේ හොවා සැනින්....
ගෙලමතට හාදු තවරමින් තොර රාගයෙන් ....
මලක් සේ රැක්කෙ නුඹ නොතලාම සෙනෙහසින් ..
මදිවීද මගෙ සෙනෙහෙ විශ්වාස නොකරමින්......

ආදරය පිරී ගිය නිලට හුරු නිල් නයන......
වියැකිලා නිල් නයන ඇයිද මේ දුක්වෙලා....
නාඩන්න පන මගේ ආදරෙයි මම සදා.......
අනෙක් ස්පර්ශයන් පුහුය ඔබ ලඟ මෙදා.....

Alexandria_Great නංගියාගෙන් සිංගාගෙර් සිතුවිලි හරිම අපූරුවට ...ගොඩාක් ස්තූතී නංගියෝ......💚❤️


යුවාන් ෂියාඕ රාත්‍රී ආහාර නොගෙන දෙදෙනා එනතුරු බලා සිටි නිසා ඔවුන් ඉක්මනින් ආහාර ගන්නට පටන්ගත්තේය .... ඉතින් කිසිවෙකුත් හවස සිදුවීම ගැන කතාකලේ නැත...

**

සීන් කාමරයට යද්දී ෂියාඕ ඔහුගේ කාමරයට ගියේය .... යුවාන් යීබෝව ඇදගෙන ඔහුගේ කාමරයට ගියේය ....

" අයියා කෑගැහුවද...."

යුවාන් මුලින්ම ඇසුවේ එයයි....

" නෑහ්...."

" බූරුවො ..... ඒ අපේ නැන්දගෙ දුව ... අපේ ගගාට ඒකිව පෙන්නන්න බැහැ ... ඔය ඒකිගේ හැටි ...අතින් අල්ලනවා ඇඟේ හේතු වෙනවා ....තමුසේ මගෙන් වත් මුකුත් අහන්නේ නැතුව ගිනි පෙල්ල පස්ස පැත්තෙ ගහගෙන දිව්ව නේද ...."

යුවාන් මේ යීබෝට බනින්නේ රහසිනි....

" ඉතින් ....හරි දැන්......"

" මම එහෙම ඔහොම ඇට්ටර වැඩක් කළා නම් මෙලහට තියෙන දාන්න වැඩේ සිද්ධ වෙලා ...ගගා උඹට පණ ඇරලා ආදරෙයි ..ආයේ ඔය වගේ අලුගුත්තේරු වැඩ කරන්න එපා ..."

යුවාන් කීවේය ....

" හරි හරි ඉතින්... යකෝ මගෙ සිංගවත් බැන්නෙ නෑ මස්සිනා කාරයා එනවනේ සත්තම දාන්න...."

යීබෝ සිනාසෙමින් කීවේය ...

" උඩ පැනපංකො.... පලවෙනි වතාව හින්දා උඹට සමාව හම්බ උනේ ....උඹේ සිංගා ගැන ඊට පස්සේ උඹට බලාගන්න පුළුවන් ...දැන් පලයන් ......"

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now