31... නුඹත් නොසිටියා නම්.... 🌸

1.3K 370 161
                                    

🌹🌹 Its about you 🌹🌹 ......

" බෙයාපැටියා කැෂියර් එකෙන් ඉන්න... මම ටවුන් එකට ගිහින් එන්න ඕන...."

සීන් මේ උදෑසනින්ම සූදානම් වන්නේ ඩොක්ටර් හැරන් ගේ මිතුරා හමුවීමටයි.... ඉතින් ඒ නිසාම උදෙන්ම යුවාන් බයික් එකෙන් අත්‍යාවශ්‍ය වැඩකට පිටත්කර හැරියේය ... නැතිනම් යීබෝ නැට්ට මෙන් පස්සෙන් එනබව සීන් හොදින්ම දන්නේය...

" අනේ..... "

යීබෝගෙ මුහුණ කලුවී යන අයුරු සීන් දුටුවත් මේ ගමන තනිව යා යුතුය...

" ඉතින් මැණික ලොකු හදිස්සියකට බැංකුවට යන්නෙ .. ගියා ආවා.... හොදේ...."

සීන් ඇදුමක් මාරුකරගන්නට කමිසය ගලවමින් කීවේය ... මෙතරම් වෙලා ඇදමතින් වාඩිවී මුහුණත් බෙරිකරගෙන සිටි යීබෝ ඉක්මනින් සීන් අසලට විත් ඒ නිරුවත් පිට පිටුපසින් බදාගත්තේය ....

" කොච්චර වෙලා යනවද ඉතින්...."

යීබෝ සීන්ගේ ගෙල පිටුපස හාදු තවරමින් කීවේය ....

" හ්ම්......ඔය ඉතින් ..... මැණික .... "

සීන් ඉක්මනින් හැරී යීබෝගෙ දෙතොල් අල්ලාගත්තේය ...

" මම පැයක් වගේ යද්දි එනවා.... චූටි මුදලාලි කැෂියර් එකෙන් ඉන්න හොදේ .."

විනාඩි කිහිපයක සිපගැනීමකින් පසුව සීන් කීවේය ..

",මට මොනවද ගේන්නෙ....අපි අරකට යන්නෙ කවද්ද .."

තවමත් සීන්ව බදාගෙන සිටින යීබෝ ඇසුවේය ..

" ඒකට යමු අනිද්දා .... දැන් මොනවද මම ගේන්න ඕනෙ මැණිකට ...."

සීන් යීබෝගෙ කොපුලකට හාදුවක් තබමින් ඇසුවේය .

" මුකුත් එපා සිංගා පපා පරිස්සමෙන් ඉක්මනින් එන්න... මට ඔයා ලඟ නැතිවුනාම පාලුයි .."

සීන්ට ඉතින් මේ සෙනෙහස මහමෙරක් තරම් වටින්නේය..... දැනෙන්නේය...

*******

" බෝයා....."

සීන් ගියපසු යීබෝ කැෂියර් එකට ආවේය ... පැයක් පමණ යනතුරු තරමක පිරිසක් රැදුනු නිසා බින්ටත් ඔහුටත් ඉස්පාසුවක් නොවීය ... ඉතින් කිසිවෙකු නොමැති මොහොතක බින් යීබෝ අසලට ආවේය ...

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now