23.. කලකිරීම....👐

1.4K 391 312
                                    

🌹🌹 Its about you 🌹🌹 ......

⏳⏳⏳⏳⏳⏳⏳⏳

දින කිහිපයක් සාමකාමීව ගතවිය ...

සෙනසුරාදා දිනයකි... ෂියාඕ ගේ නෑදෑ වන අයෙකුගේ හදිසි මරණයක් නිසාවෙන් ෂියාඕ සහ යුවාන් උදෑසනින්ම ෂැංග්බෙයි යන්නට පිටත්විය.... ඉතින් එක් අයෙකුගේ නම් මුහුණ වහින්නට ආසන්න අහසක් මෙන් අදුරුවී ඇති බව යීබෝ දුටුවේය ...

' හොදෑඩේ .... ආදරෙයි කියන්නෙත් නෑ හිතේ හිරකරගෙන විදවනවා බින් මෝඩයා .... තව ටිකක් ඔහොම හිටපං ... මම සිංගට කියන්නෑ දැන්මම... මේකා යකෝ කෙල්ලෙක්ට හපං....යුවා ගියා විතරයි මිනිහා මැරිච්ච ගෑනි වගේ අවුලෙන් ඉන්නවා.....'

සීන් අසල කඩේකට ගොස් එනතුරු කැෂියර් එකටවී සිටින යීබෝ තනිවම සිතුවේය .... ඒත් සමඟම සීන්ගේ දුරකතනය නාදවෙන්නට පටන්ගත්තේය .....

මීරා....🕷️

..නමට දමාගෙන තිබෙන ඉමෝජිය දැක යීබෝට සිනාවක් ආවේය....

" ඕක ආන්සර් කරන්න කලින් බලන්න ඕනෙ මගෙ නම්බර් එක කොහොමද සේව් කරගෙන ඉන්නෙ කියලා ...ඔහෙ රින්ස් ගියපුදෙන් ....."

යීබෝ කන්ටැක් ලිස්ට් එකේ පහලට පහලට ගියේය ....

මගෙ රෝස මල 🌹

" මේ කවුද.....මං නොදන්න සිංගගෙ රෝසමල....."

බෙයා යනුවෙන් ඇති නමක් සොයාගෙන යද්දී දුටු රෝසමලක් නිසා යීබෝ අංකය බැලුවේය ..... ඔහුගේ දෑස්වලට කදුලු ඉනුවේය ....

" මමද මගෙ සිංගගේ රෝස මල......"

දුරකතනය දෙස බලාගෙන තනිවම කියවන යීබෝ දෙස බින් දැන් සෑහෙන වෙලාවක සිට මේ බලාගෙන සිටින්නේය...අනෙක් කාරනය නම් ඒ දුරකතනය සීන් අයියාගේ වීමයි....

" කමක් නෑ ඉතින් මමත් දාගෙන ඉන්නෙ ලස්සන නමක් නේ සිංගට......"

යීබෝ ඔහුගේ දුරකතනය අතට ගෙන සීන්ගේ අංකට වෙතට ගියේය ....

සිංගා මැණික .... 💎

යලිත් මීරාගේ අංකයෙන් ඇමතුම ආවේය ....

" හෙලෝ...."

යීබෝ කටහඩ මදක් වෙනස්කර ඇමතුම සම්බන්ධ කරගත්තේය ...

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now