52.. වසන්තය ඇවිදින්....💝

2.1K 399 440
                                    

🌹🌹 Its about you 🌹🌹

අවසාන කොටස......

⏳⏳⏳⏳

මාස තුනකට පසු......

.. යීබෝ  ෆූජියෑන් රෝහලේ රැකියාව පටන්ගෙන හරියටම මාස තුනක් ගතවිය....ගෙවීගිය තෙමස තුළ කියන්නට තරම් විශේෂ සිදුවීම් රාශියක් සිදු වූයේ නැත.... සීන්ගේ  තේවත්ත එදා කප්පාදු කප්පාදු කර පොහොර යොදා පිරිසුදු කිරීමෙන් පසුව දැන් දළු දමා වැඩෙමින් තිබෙන්නේය...තවත් සති දෙකකින් පමණ දළු කඩන්නට පටන් ගත යුතුය....

යුවාන් බින් නිතරම යීබෝ සිටින වෙලාවන්වලදී ඔවුන්ගේ නිවසට ආවත් සීන් තවමත් ඔවුන් සමග කතා කරන්නට සූදානමක් නැත.... නමුත් එනවට කිසිවක් කියන්නේ ද නැත..... සමහර සති අන්තයන්හි දී ඔවුන් පැමිණි විට කතාබහ නොකළත් දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරය ඔවුන් වෙනුවෙන් සූදානම් කර දෙන්නේය....ඉඳින් එතැන කේන්තියක් නැති බවත් ඔහු තවමත් ඔවුන් සමග කතා කරන්නට සූදානමක් පමණක් නැති බවත් දෙදෙනාම තේරුම් ගත්තේය ....

හදිසි වුවමනාවක් සඳහා සීන් හන්දියට ගියත් සුදු රස රියට ගොඩ වී කුමක් හෝ මිලදී ගත්තත් ඔහු එම භාණ්ඩයට නියමිත මිල ගෙවන්නේය.... මුලින් මුලින්...

",සල්ලි දෙන්න එපා සීන් අයියා ......"

යැයි බින් කියද්දී  රැගෙන යන්නට අතට ගත් භාණ්ඩය එතනින්ම තබා ඔහු පිටවී ගියේය.... ඉතින් දැන් බින් ඔහු යමක් මිලදී ගැන මුදල් ගෙවන විට කිසිවක් නොකියා ඒවා ලබා ගන්නේය...එහෙම හෝ ඔහු ගස රියට ගොඩ බිම පිළිබඳව දැන් ඔවුන් දෙදෙනා සතුටු වන්නේ ය.....

යීබෝගෙ මවගේ පැත්තෙන්ද ඉන් පසුව කිසිම කරදරයක් සිදු වූයේ නැත.... හැරන් සම්පූර්ණ සුවය ලබා සිටින අතර...ඔහුගේ මිතුරා ගේ වැඩපළෙහි හොඳ වැටුපකට රැකියාවක් සිදු කරන නිසාත් ගොඩනැගිල්ලේ ආදායම මාසිකව ලැබෙන නිසාත් ඔවුන් සාමාන්‍ය පරිදි ජීවත් වන්නේය.... නමුත් කිසිම හේතුවකට යීබෝ  ඔවුන් මුණ ගැසෙන්නේ වත් ඔවුන් සමග කතා කරන්නේ වත් නැත....

🌞🌞🌞🌞🌞🌞

තවත් ශනිදාවකට හිරු පෑයුවේය.... සුපුරුදු පරිදි ඉතින් යීබෝ සීන්ගේ සිරුරින් හරි අඩක්ම ආක්‍රමණය කරගෙන සුව නින්දේය... සීන් දැන් අවදිවී සෑහෙන වෙලාවකි... යීබෝට රෝහලට යන්නට තියෙන්නේ උදෑසන 7ට නිසා  සීන් වෙලාව බලා තවත් ටික වෙලාවක් ඔහේ සිටියේය... කොහොමත් සීන් අවදි වී පහළට ආවොත් යීබෝත් ඒ පසුපසින් පැමිණෙන  බව දන්නා නිසා ෂියාඕ තනිවම උදෑසන ආහාර පිළියෙල කරන්නේය...

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now