🌹🌹 Its about you 🌹🌹.......
සොන් college යන්නට බස් එක අල්ලා ගන්නට එන පාරේ කවුරුත් නැති පාළු ඉසව්වක මයික් ඔහු එනතුරු බලා සිටියේය..... හරියටම උදෑසන හතයි දහය පමණ වන විට සොන් එතැන පසු කරන්නට පටන් ගත්තේය ...
" ඔහොම ඉදපන් ..."
ගසකට මුවා වී එතනට සොන් එනතුරුම සිටි මයිකල් ඉක්මනින්ම පාරට පැන සොන් ඉදිරියේ හිට ගත්තේය ... අදත් සිදුවන්නට යන්නේ කුමක් හෝ නපුරක් බව හොඳින්ම දන්නා නමුත් මොවුන් සමග රණ්ඩු කර පලා යන්නට තරම් ශක්තියක් ඔහුට නැත... සොන් අසරණව ගමන නතර කර මයිකල් දෙස බලා සිටියේය....
" මෙතන තියෙන්නේ කොලේජ් එක ඇතුලට දෙන්න ඕනේ බඩු වගයක් ... මේව ගන්න එවුන්ට කියලා තියෙන්නේ 12ක් එකත් අතර බඩු උන්ගේ අතට ලැබෙයි කියලා .... දැන් මම තමුසෙගෙ ෆොටෝ එකක් උන්ගේ පෝන් වලට යවනවා .. තමුසෙට තියෙන්නෙ මම කියන තැන්වල ගිහිල්ලා හිටගෙන ඉන්න විතරයි ...එකපාර මේ පාර්සලේම අරගෙන යන්නෙ නෑ .... මේ ලියල තියෙන වෙලාවට මේ ලියලා තියන තැන් වලට මේ ලියලා තියන ප්‍රමාණ කලිසම් සාක්කුවේ දාගෙන අරගෙන යන්න ඕනේ...තේරුණාද මම කියන එක ..."
මයිකල් තර්ජනාත්මක ස්වරයෙන් සියල්ල විස්තර කරන්නට පටන් ගත්තේය ....
" අනේ අංකල් එදා කරපු වැඩෙනුත් මට ගුටි කන්න වුණා.... අනේ මට මේවා කරන්න බෑ ...."
නෙතඟින්ගින් කඩා වැටෙන කඳුලු වලට ඔහේ ගලා යන්නට ඉඩ දෙමින් සොන් කීවේය ...ඔහු මුළු හදවතින්ම තම දුප්පත්කමට ශාප කර ගන්නට පටන් ගත්තේය ....
",එහෙනම් උඹගෙ තාත්තා රස්සාව කරන අන්තිම දවස අද .... එහෙනම් මං ගියා..."
මයිකල් අවඥා සහගත සිනාවක් සමඟින් යන්නට හැරුනේය ... ඒ ඉතින් තම පවුලේ දුර්වලම ස්ථානය,බව සොන් සිතුවේය ... ඔහුට පහලින් තවමත් ඉගෙන ගන්නා සහෝදර සහොදරියන් ඔහුට සිහිවිය ...
" මම අදට විතරක් ඔය වැඩේ කරන්නම් ..."
අනෙක් පසට හැරී ඇවිදගෙන යන මයිකල්ට ඇසෙන්නට සොන් කීවේය.... මයිකල් සිනාසෙමින් ඔහු දෙසට ආවේය ...
",එහෙනම් මේ ටික පරිස්සමට අරගෙන යන්න ..එයාලා දෙන සල්ලි පරිස්සමට අරගෙන එන්න ...ඔයා කීයටද කොලේජ් ඉවර වෙලා එන්නේ ..."
YOU ARE READING
Its about you ..... zhanyi fan fiction ( Complete )
Fanfictionදඟකාර නෙතු අතර මගේ සිත නැවතිලා.... ඉතින් අතහැර යන්න නොහැකි ලෙස සැඟවිලා... අමනාප කෝලකම් පුරා සැර වැර වෙලා.. රකින්නට හදවතක් ඉතින් මට හිමිවෙලා..... 💚❤️ yizhan forever 🐢 🐢 🐢 🐢