36... මං නුඹ ලඟින්....🤝

1.2K 347 246
                                    

🌹🌹 Its about you 🌹🌹 ....

*******

" ගගා...මම දවල්ට කඩෙන් කනවා....."

යුවාන් මේ කන්කෙදිරි ගාන්නේ දැන් පැයක වෙලේ සිටයි.. කිසිවක් නොකියුවාට බින් සිටින්නේත් අන්ද මන්ද වී ගොසින් ය ... සීන් මේ සියල්ල ඇසෙන නෑසෙන ලෙසින් කැෂියර් එකට වී සිටින්නේය..

" එකෙක් මෙතනින් එළියට ගියොත් බලාගෙනයි  ... අනික තමයි කන්න වාඩුවුනාම කොල්ලගෙ හිත රිදෙන්න මොනවම හරි කියලා තිබුනොත් මං නරක මිනිහා කියලා කියන්නෙපා ඔන්න..."

සීන් අවසාන නිවේදනය දුන්නේය  ... ඉතින් බින් මෙන්ම යුවාන් යලිත් කිසිවක් කතාකරන්නට ගියේ නැත... සීන්ට අද උදෑසන සිදුවීම සිහිවිය....

කවදාවත් නැතිව සීන්ටත් පෙර යීබෝ අවදිවී සීන්ගේ ඇඟමතට නැංගේය .. ඒ මුහුණ පුරා හාදු තවරද්දි ඉතින් සීන් සෙමින් දෙනෙත් හැරියේය ...

" Happy birthday සිංගාපපා ...."

සීන්ගේ නලල මතින් නලල තියාගෙන යීබෝ කීවේය .... සීන්ගේ දෙනෙත් වලට කදුලු පිරුනි ...

" ස්තුතී බෙයා පැටියා ...."

යීබෝගෙ කම්මුලක් එබෙන්නට හාදුවක් තබමින් සීන් කීවේය ...

" සිංගාපපා මට ඉතින් තෑගි අරන්දෙන්න සල්ලි නැති නිසා ඔන්න අද මම කරන දේවල් ලිස්ට් එකක් හදාගත්තා....."

සීන්ගේ සිරුර මතම හිදිමින් යීබෝ කීවේය ...

" ඒ මොනවද අප්පේ...."

සීන් සිනාසෙමින් ඇසුවේය ...

" ඔන්න මම තනියම දවල්ට උයනවා..... ඊලගට අපි දෙන්නා බයික් එකේ රවුමක් යනවා... හතරට ෆිල්ම් එක බලලා අන්තිමට ............."

යීබෝ එතැනින් නතරකර සීන් දෙස බැලුවේය ... සීන් ඇස්වලින් මොකක්දැයි ඇසුවේය ...

" අන්තිමට අපි දෙන්නා අපේ ගෙදර යනවා....."

යීබෝ සීන්ගේ ගෙල අස්සේ මුහුණ සඟවාගෙන කීවේය ..

" ලයිට් දාන්නද  .. ."

සීන් සිනාසෙමින් ඇසුවේය ...

" හ්ම්ම්ම්..."

.. ඉතින් යීබෝගෙ සතුට වෙනුවෙන් ඔහු මොනවා හැදුවත් නිහඩව රසවිදින්නට සීන් සිතා ගත්තේය .... ඉතින් අන්න ඒ තීරණය නිසා යුවාන් සහ බින් පරලවී සිටින්නේය ..

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now