08... හිතට හොරා...🌟

1.7K 404 321
                                    

🌹🌹 Its about you 🌹🌹.......

" ගගා.....බෝයා ගෙදර යන්න ලෑස්තිවෙනවා ...."

ඒත් සමඟම යුවාන් කැෂියර් එක අසලට ඇවිත් කීවේය .....

**

" කැෂියර් එකට වෙලා ඉන්නවා...."

ඒ මොහොතේ ගනුදෙනු කරුවන්කරුවන් කිහිපදෙනෙක්ද ග්‍රොසරිය තුළ රැඳී සිටි නිසා සීන් යුවාන් ව කැෂියර් එක අසල නවතා නිවස තුළට ගියේය ... කාමරයේ දොර අසලට ගොස් බැලූ විට ඔහු දුටුවේ කඳුළු සලමින් රැගෙන ආ බෑගයට ම යළිත් ඇඳුම් නමමින් අසුරන යීබෝවයි... සීන් කිසිවක් නොකියා පපුවට අත් දෙකත් බැඳගෙන දොර අසලට වී ඔහු දෙස බලාගෙන සිටියේය ... යීබෝ සීන් ආ බව දුටුවත් ඔහු දෙසවත් නොබලා සීන් ගේ අල්මාරියෙ ම පසෙකින් හරිම ආසාවෙන් අසුරා තිබුණු ඔහුගේ ඇඳුම් යළිත් බෑගයට දැම්මේය...

සීන් විනාඩි පහක් පමණ ඒ දෙස බලාගෙන සිටියේය ....

" කොහෙද යන්න හදන්නෙ බෝ..."

අවසානයේ ඇඳ මත තබා ඇති බෑගය අසලින් වාඩි වෙමින් සීන් ඇසුවේය....

" මම හින්දා හැමදාම ඔයාට කරදර ...එකක් නැති වෙනකොට එකක්නෙ ............... මීමින්නා පවු හින්ද නේ බේරගන්න ආවේ ..... ඒත් දැක්ක නේද ඒ මිනිහත් කිව්වා මම හින්දා ඔයාට කරදරයි කියලා ............මට papa ගැහුවත් කමක් නෑ මම එහෙට වෙලා ඉන්නම් ....."

අඩමින්ම එසේ කියමින්ම යීබෝ පොත් ටික පිළිවෙලකට අසුරන්නට ගත්තේය ...

" කවුද කිව්වේ මට ඔයාව වදයක් කියලා ...."

සීන් ඇසුවේය .....

" ඉතින් මාව වදයක් නේ ...."

පොත් අස්කරන එක නතර කර යීබෝ සීන් දෙස බලාගෙන කීවේය ..

" මම අහන්නේ කවුද කිව්වේ ..."

සීන් තරමක් උස් හඬින් ඇසුවේය ...

" ඇහුනෙ නැද්ද ඉතින් ඒ මිනිහත් කියනවා ....අනික මම ආපු දවසෙ ඉඳල කරදරමනේ....."

" කවුරු කිව්වත් මම කිව්වද ..."

සීන් සෘජුව යීබෝගෙ දෑස් දෙස බලාගෙන ඇසුවේය ....

" ඉතින් මට උත්තර දෙන්න බෝදි ..
කවුරු කිව්වත් මම කිව්වද මට ඔයාව කරදරයක් කියලා ...."

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now