49.. අපායක් වූ ජීවිත...🪔

1.4K 352 228
                                    

🌹🌹 Its about you 🌹🌹

සීන් සිනාසෙමින්  මෙඩිකල් සෙන්ටර් එක පෙන්වමින් කියද්දී ග්‍රොසරිය අසල සීන්ගේ  ඇස් නතරවිය..... සීන් එහෙන්මම ජින් දෙස බැලුවේය .... ඔවුන් බිම බලාගත්තේය ....

**..

සීන් කුමක් හෝ අහන්නට යද්දීම චාඕගේ කැබ් එක එතැන නතරවිය...

" ඕපන් එකට ඇවිත් මෙතන මොනවද බං කරන්නෙ...වරෙව් ඔක්කොම තව විනාඩි දහයයි තියෙන්නෙ ..."

චාඕ කෑගැසුවේය ... දැන් පාක් එකේ කොල්ලන්ද චාඕ සහ යාඕ සමගින් හිතවත් ය...ඒ ඉතින් සීන් නිසාවෙනි.... සියලුම දෙනා ගොඩනැගිල්ල දෙසට ඇදුනේ මේ මොහොතේ ඊට මුල්තැන දියයුතු නිසාවෙනි....

ඉදින් සැමගේ ආශිර්වාද මධ්‍යයේ යාඕගේ චැනල් සෙන්ටර් ගොඩනැගිල්ල විවෘත විය..... විශේෂඥ වෛද්‍ය පහසුකම් සාධාරණ මිලකට ලබාදීම එහි මූලික අරමුණ වී තිබුනි..... ඒ සදහා පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙක්ද ඒ මොහොතට පැමින සිටියේ...

", මේ හැරන්ගේ පුතා නේද...."

එක් වෛද්‍යවරයෙක් යීබෝ අසලට විත් ඇසුවේය .... ඔහු අවුරුදු හැටක පමණ අයෙකි... යීබෝ සිනාසුනා පමණි....

" ටියැන්ජින් නේද වර්ක් කරන්නෙ...."

ඔහු නවත්වන පාටක් නැත...

", ඔව්..."

" කොහොමද ට්‍රේනින් එක...."

" අවුක් නෑ ඉතින්...."

ඔහු යීබෝගෙ පිටට තට්ටුවක් දමාගෙන එතැනින් ගියේය ...

" කවුද ඒ බෙයාපැටියා  ....."

" හැරන්ගෙ යාලුවෙක් ...."

සීන් ඔහුට රැව්වත් ඔහු අහකබලාගත්තේය  ...තේ මේසයට සහභාගී වූ දෙදෙනාම මදක් එතැනි  ඉවත්වූයේ ඊලඟ ගැටලුව විසදාගැනීමටයි..... සීන් ජින්වත් ඇදගෙන එළියට ආවේය ...

" ඇයි බං අර ග්‍රොසරිය නිකං කැලෑ වැදිලා... කී දවසකින් ඇරලා නැද්ද ඒක..."

සීන් ජින්ගෙන් ඇසුවේය ... යීබෝත් පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඔහු දෙස බලාගෙන සිටියේය ....

" සීන් අයියා .... මෙහෙමයි..දෙන්නා නිතරම රන්ඩු.... යුවාන් බින් එක්ක ඇරගන්නවා.... ඊලඟට බින්ව එළියට දාලා දොර වහනව.... ඌ ඉතින් සමහර දවස්වල මහ රෑ මැද මාත් එක්ක උගෙ ගෙදර යනවා.... මීට දවස් තුනකට කලින් දවසෙ රෑ ලොකුවට වලියක් ගියා.... යුවාන් බින්ව රෙදිත් එක්කම එළියට දැම්මා... ග්‍රොසරියේ යතුරත් කොල්ලා අරගෙන .... අනේ මන්දා සීන් අයියා යුවාන් බොන්නත් පුරුදු වෙලා ඉන්නෙ..."

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now