03... නරි හුටපටය...🦊

1.9K 435 273
                                    

🌹🌹 Its about you 🌹🌹.........

දින දෙකතුනක් සාමාන්‍ය පරිදි ගෙවී ගියේය .. හැමදාමත් උදෑසනට යීබෝ ග්‍රොසරිය අසලට එන්නේ යුවාන්වත් නංගවා ගෙන කොලේජ් යන්නටයි... මුල්ම දිනයේ මෙන් නොව දැන් යීබෝ ටික ටික සීන් සමඟින් කතාකරන්නේය... හැබැයි දෙදෙනාගෙන් එක් කෙනෙක් වුවත් හරියට ඇස් දෙක දිහා නම් බලන්නේ නැත ....

" අද මොකද මේ දෙන්නම කලින් ...."

දහවල් 12 : 30 ට පමණ ග්‍රොසරිය ඉදිරියේ බයික් එක නතරකර දෙදෙනාම ඇතුලට එද්දී සීන් ඇසුවේය ...

" අපි දෙන්නට පොඩි හදිසි ගමනක් තියෙනවා ..."

යුවාන් යීබෝවත් ඇදගෙන ඉක්මනින් නිවස තුලට රිංගමින් කීවේය ....

" ඒ මොකෝ උනේ සීන් අයියා...."

බඩු බිලක් කිරමින් සිටි බින් සීන්ගෙන් ඇසුවේය ...

" කවුද බං දන්නේ .... "

සීන් ගනනකට නොගෙන කීවේය .... විනාඩි විස්සකට පමණ පසු දෙදෙනාම සාමාන්‍ය ඇඳුමකින් සැරසී යළිත් ග්‍රොසරිය තුළට ආවේ ය .....

" ගගා...... පරණ පාං නෑ....."

යුවාන් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය දමා තිබෙන පෙට්ටි අවුස්සමින් ඇසුවේය....

" පරණ පාන් මොකටද යුවාන් .... "

සීන් කරමින් සිටින වැඩත් නවතා ඔවුන් අසලට ගොස් ඇසුවේය

" අර ඇලේ මාලුන්ට දාන්න......"

ඉවත්කර තිබූ පාන් පැකට් එකකුත් ගෙන දෙදෙනාම පිටවී ගියේය ... බින් සීන් දෙස බැලුවේ කුමක් හෝ අසන්නට උවත් ඒත් සමඟම පාරිභෝගිකයන් කිහිපදෙනක් ඇතුලට ආ නිසා දෙදෙනාම යලිත් වැඩට හිත යෙදෙව්වේය....

" ඉතින් කොහොමද සීන්....."

සවස පහට පමණ රාජකාරි අවසන් වී නිවසට යමින් සිටී ඩොක්ටර් වන්ග් හැරන් ග්‍රොසරියට ඇතුලුවිය ....

" අවුලක් නෑ ඩොක්ටර් .... එන්න වාඩිවෙන්න ...."

මේ ඉතින් සීන් ඒ කාලයේ සිටම ගරුකරන චරිතයකි ...

" බින් පුතා මේ බඩු බිලා දාලා දෙන්නකෝ මට ...."

අතේ තිබුනු තුන්ඩුව බින් අතට දී හැරන් සීන් අසලින් අසුන්ගත්තේය ....

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now