50.. හැරවුම් ලක්ෂය...♻️

1.4K 349 282
                                    

🌹🌹 Its about you 🌹🌹 .........




ඉතින් දෙදෙනාම සිනාසුනේය ...... ඒත් සමඟ මිදුලට වාහනයක් එන ශබ්දය ඇසුනි.... යීබෝ සහ සීන් ඇදෙන් නැඟිටිද්දී ෂියාඕ ඉදිරිපස දොර අරින හඩ ඇසුනි.... ඉතින් දෙදෙනාම ඉක්මනින් ආලින්දයට යද්දී යීබෝගෙ මව තවත් තරුණ කාන්තාවක් සමඟ නිවසට ඇතුල්විය..

**

ඇය අවුරුදු විසිහතරක පමණ තරුණියකි ... සීන් සහ යීබෝ එක්වරම ඇයදෙස බැලූනිසා ඇය අපහසුවෙන් සිනාසී ලූසී අසලින්ම සෝපාවේ අසුන්ගත්තේය ... මොනවා උනත් සිදුවන්නට යන්නේ හොදදෙයක් නොවන බව අවබෝධවූ සීන් අවුල්වී  ගිය කොන්ඩයත් හදාගන්නා ගමන් මුලුතැන්ගෙය තුලට ගොස් අසුන්ගත්තේය ...ඔහුට ආලින්දයේ කතාබහ හොදින් ඇසෙයි...

" යීබෝ මේ ඩොක්ටර් ෆියෙන්ග් ගෙ දුව ඇනා...."

යීබෝ ඇයට සිනාසුනේය .... නමුත් ඔහු තම මවදෙස ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලුවේය ...

" ඔයාට මතකයිද එදා ඔයාලා චැනල් සෙන්ටර් එකේ ඕපනින් එකට ආවා.. අන්න එදා ඩොක්ටර් ෆියෙන්ග් අපේගෙදර ආවා පපාව බලන්න.... ඉතින් එදා තමයි මට මේ දූ ගැන කිව්වෙ ..."

යීබෝ කිසිවක් නොකියා ඇය කියනදේවල් නිහඩව අසා සිටියේය ...

"ඇනා තාම කොලේජ් යනවා.....තව අවුරුදු දෙකකින් එයත් ඩොක්ටර් කෙනෙක්  ... ඉතින් කොහොමත් එකට ජීවත්වෙන්න ඕන ගැලපෙන මිනිස්සු... නැත්නම් අනාගතේට ප්‍රශ්න වැඩී ...."

කිචන් එකතුල සිටින සීන්ට මේවා හොදින් ඇසුනි...එමෙන්ම ෂියාඕ ත් මේවා අසාගෙන සිටින්නේය... දරාගන්නට බැරි වේදනාවක් පපුව දෙසින් එද්දී සීන් හුනස්නෙන් නැගිට පිටුපස දොර අසලට ගොස් උලුවස්සට හේත්තුවී ඈත බලාගෙන සිටියේය ...ෂියාඕගේ දෙනෙත්වලට කදුලු පිරී තිබෙන්නේ තම පුතුගේ වේදනාව ඔහුට දැනෙන  නිසාවෙනි ...

" ඉතින් මමා මට ඇයි ඒ විස්තර කියන්නෙ ... "

ඇනාගේ සහ ඩොක්ටර් ෆියෙන්ග් ගේ සෑහෙන්න වර්ණනාවක් අපහසුවෙන් අසාගෙන සිටි යීබෝ අවසානයේ ඇසුවේය ..

" ඔයා ඉතින් ඇනා එක්ක පොඩ්ඩක් කතාකරන්නකො...මම බොන්න මොනවද හදන්නෙ බලලා එන්නම්...."

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now