13... ආදරණීය දඩුවම් ...🎋

1.6K 402 194
                                    

🌹🌹 Its about you 🌹🌹......

( බෝනස්....)

..
සීන් කේන්තියෙන් කීවේය .... අද මොනවා මොනවයින් මොනවා සිදුවේ දැයි නොදන්නා බින් අසරණ ලෙසින් ග්‍රොසරිය ඉදිරියේ නැවැත්වූ බයික් එක දෙස බලාගෙන සිටියේය .....

" බින් දෙන්නා ඇතුලට ආවම ග්‍රොසරියේ දොර වහන්නෝනේ එකපාරටම තෙරුනාද ...."

සීන් සිනාසෙමින් බයික් එකෙන් බසින ජෝඩුව දෙස බලාගෙන කීවේය ....

***

දෙදෙනාම ග්‍රොසරිය තුලට ඇතුල්වෙද්දීම පහත්වී සිටි වැද්දා හිටගත්තේය .... දෙදෙනාම සීන් දෙස බැලුවේ ඔහුගේ තත්ත්වය කුමක්දැයි දැනගැනීමටයි ... ඔහු රතුවී කේන්තියෙන් පුපුරමින් සිටිනු දුටු යීබෝ ....

" මෙයා අපිට කරපුව මොනවත් කියන්නැතුව අපි මෙයාට කරපුව විතරක් කියලා වගේ ...ඒක්නේ මේ..."

යැයි කීවේය ....

" හ්ම්ම්... එයා කරපුවා කියනවා බලන්න....."

සීන් කේන්තිය පාලනය කරගෙන මුලින්ම මේ නඩුව විසදන්නට හිතාගෙන කීවේය .....

" අපි දෙන්නා බයික් එකේ එන පාර හරස්කරලා කොටයක් දාලා අපි බැස්සට පස්සෙ තේ පදුරක් අස්සේ ඉදං එළියට ආවා නිකං නෙවෙයි තඩි තුවක්කුවකුත් අපිට දික්කරගෙන......."

යීබෝ කීවේය .... සීන් සහ බින් වැද්දා දෙස බැලුවේය ....

" හරි හරි එහෙම ආවා උනත් ඒ බයකරන්න නේ.... මුං දෙන්නා කිව්වා මගේ මීමින්නට වෙඩි තියනවා කියලා ....."

ප්පුහ්......... බින්ගේ හිනාව එළියට පැන්නේය... සීන් මෙන්ම යීබෝ සහ යුවාන් ද බින්ට රවද්දී ඔහු නිහඩවිය...

" වෙඩි තියනවා කිව්වට තිබ්බෙ නෑනේ......"

යීබෝ කීවේය ....

" තියනවා කිව්වත් එකයි තිබ්බත් එකයි... මැරුවත් එකයි තර්ජනය කරත් එකයි...."

කායෝ කීවේය ...

" එහෙනම් ඔය මරණ සත්තුන්ට තර්ජනය කරලා පැත්තකට වෙනවකෝ...."

යීබෝ කියද්දී යලිත් බින්ගේ සිනහව ඇසුනේය ..

" උඹත් කායෝ කරලා තියෙන්නෙ හරි දෙයක් නෙවෙයි නේ ඒකනිසා දැං කටවහගෙන මගෙ යකා අවුස්සගන්නෙ නැතුව පලයං......"

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now