45.. ඉතින් අපේ ලොවක්... 💛

1.3K 356 336
                                    

🌹🌹 Its about you 🌹🌹 ....

" මම කවන්නම් සිංගාපපා ..."

නිවසට පැමිණි සැනින් සීන් ආලින්දයේ සෝපාවකින් වාඩුවී සිවිලිම දෙස බලාගෙන බර කල්පනාවකයි.... ඉතින් යීබෝ රැගෙන ආ කෑම සියල්ල එක් පිගානකට බෙදාගෙන සීන් අසලින් වාඩිවිය.... සීන් කිසිවක් නොකියා හා යැයි ඔලුව වැණුවේය.... ආලින්දයෙහි එල්ලා ඇති විශාල ඔරලෝසුවෙහි s තත්පර කටුව පවා කැරකෙන ශබ්දය ඔවුන්ට ඇසෙන්නේ ය... නිවස තුළ පවතින්නේ ඒ තරම් දැඩි නිහැඬියාවකි.... යීබෝ මුව අසලට ලංකරන සියල්ලට සීන් මුව විවර කලේය... අවසානයේ යීබෝ පිඟාන සෝදා අතත් සෝදාගෙන සීන් අසලට ආවේය ...

" සිංගාපපා ..."

" හ්ම්ම්..."

" ඔයා දුකින් නේද...."

" නෑ බෙයාපැටියා ...."

" මෙහෙට එන්නකො මේ තියෙන්නෙ ශක්තිමත් උරහිසක් ..... ඔලුව තියාගෙ දුක නැතිවෙනකල් කෑගහලා අඩන්න පපා... පපුව අස්සෙ දුක හිර කරගෙන ඉන්න එක හරි අමාරු වැඩක්.... ඔයා අඬන ගමන් ඔයාගේ හිතේ තියෙන හැමදේම කෑ ගහලා කියන්න.... ඔයාගෙ බෙයාපැටියා අද ඒ ඔක්කොම අහගෙන ඉන්නවා...කෝ.. එන්න ඉතින්...."

යිබෝ සීන්ගේ අතින්  ඇද ලඟට ගෙන ඒ හිස ඔහුගේ උරෙහි හොවාගත්තේය ..තත්පර තුන හතරක් යන විට ඔහු කෑ ගසා හඬන්නට පටන් ගත්තේය.....

" බෙයාපැටියා ..... "

" කියන්න සිංගාපපා ....... හැමදේම කියන්න...... අද රැයින් මේ දුක ඉවර වෙන්න ඕනේ......."

සීන්ගේ කමිසය යටින් අතදමා ඒ නිරුවත් පිට අතගාමින් යීබෝ කීවේය ...

" දන්නවද මැණික මගෙ මමා අන්තිම මොහොතේ මගේ අතින් අල්ලගෙන මට කිව්වේ නෑ සීන් උඹ ලොකු මිනිහෙක් වෙයන් කියලා.... එයා මගේ අතින් අල්ලගෙන කිව්වේ සීන් උඹේ මල්ලිව ලොකු මිනිහෙක් කරපන් කියල විතරයි...... පුංචි මගේ හිතට ඒ වෙලාවේ දුකක් දැනුනේ නැතුව නෙමෙයි බෙයාපැටියා ..... දන්නවද අවුරුදු දාහතරක් වෙනකම් මම පන්තියේ දක්ෂම ළමයා.... පෑන අල්ලපු අතට උදැල්ල මුල්ලුව නොහුරු උනාට මගේ අම්මගේ වචන හින්දා මම හිත හයිය කරගත්තා මැණික ...... මගෙ හිතෙත් හීන තිබුනා..... ලස්සනට ඇදලා ඉස්කෝලෙක පුංචි එවුන්ට උගන්නන්න මං ආසාවෙන් හිටියා... ඒත් මම මගේ මල්ලි හින්දා ඒ හීන ඔක්කොම විසිකරලා දැම්මා.... අම්මා නැති වුණු තැන ඉදලා මම හිතුවේ එයාගේ අනාගතය ගැන විතරයි බෙයාපැටියා...... ඔයා මට ආදරෙයි කියපු තැන ඉදලා ජීවිතේ විදපු ඩිංග විතරයි මට ඉතුරුවුනේ රත්තරං........ මට මං ගැනම අනුකම්පාවක් ඇතිවෙනවා දෙයියනේ .....ඇයි උං මට එහෙම කරන්නෙ බෙයාපැටියා ... ඇයි මට සැනසීමක් නැත්තෙ අප්පා ..... අනිකා මගෙ යාලුවා .... ඌට මං කොයිතරම් ආදරේ උනාද බෙයාපැටියා .... ඌට කොතනදිවත් මම වැටෙන්න දුන්නෙ නෑ... ඒත් දැං උන්ට සීන් කියන්නෙ හපයක් ..... මමත් මැෂින් එකක් වගේ බෙයාපැටියා ... පාවිච්චි කරලා ඉවරයි උං ඒක යකඩ වලට විකුනුවා......."

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now