15... හිත අතරමං වෙලා ....💔

1.6K 377 209
                                    

🌹🌹 Its about you 🌹🌹.............

⏳⏳⏳⏳⏳⏳⏳⏳

දින තුනක් නිවීසැනසිල්ලේ ගතවී ගියේය .... විශේෂ සිදුවීන් නොවූවත් යීබෝගේත් සීන්ගේත් ආදරය නම් හරි අපූරුවට ගලාගියේය.....හැමෝම කාර්‍ය බහුල වූ සතියේ දින කිහිපය විඩාබරව ගතවෙද්දී හෙටින් සති අන්තය ආරම්භවේ.... ඉතින් යීබෝට සහ යුවාන්ට විවේකී වන සහ සීන්ට සහ බින්ට අවිවේකී සති අන්තය හෙටින් උදාවෙන්නේය...

සිකුරාදා දහවල් හදිසියේම ඩොක්ටර් හැරන් සීන්ගේ ග්‍රොසරියට ආවේය .... යීබෝ සහ යුවාන් කොලේජ් ගොස් සිටි අතර ඒ මොහොතේ එතරම් සෙනඟක් ග්‍රොසරිය තුල සිටියේද නැත...

" එන්න ඩොක්ටර් වාඩිවෙන්න ...."

සීන් පුරුදු ලෙංගතුකමින් ඔහුට කතාකලේය ..

" ඉතින් සීන්....යීබෝ ඔයාලා එක්ක ඉන්න එක ඔයාට කරදරයක් නෙවෙයි නේද...."

" අපෝ නෑ ඩොක්ටර් ... ඒ දෙන්නා ඔය අපුරුවට ඉන්නෙ .... "

සීන් සිනාසෙමින් කීවේය ....

" අපි සති දෙකකට ෂැංහයි යනවා .... තුෂීගෙ පරීක්ෂණ වලට... මම හිතන්නෙ යීබෝට ස්ටඩීස් එක්ක එන්න බැරිවෙයි .... "

හැරන් කල්පනා කරමින් කීවේය ... යීබෝගෙ සොයුරා උපතින්ම අසනීපවූ දරුවෙකි .. ඔහුගේ හදවතෙහි ඇති ගැටලුවක් නිසා උපන්දා සිටම ඔහු වෛද්‍ය පරීක්ෂණ වලට යොමුවෙමින් ඖෂධ ලබාගන්නේය....

" මම කෝකටත් ආවහම කියලා බලන්නම් ඩොක්ටර් ... "

සීන් දුක සඟවාගෙන කීවේය .... සති දෙකක් තියා සීන්ට බෙයා පැටියා නැතිව මේ ගතවන උදේ වරුවත් ගෙවාගන්නේ බොහෝ අපහසුවෙනි....

" අහලා කියන්නකො යනවනම් අද රෑ අපි පිටත්වෙනවා කියන්න.... මම එයාගෙ මමාට තේරුම් කරාට අහන්නෑනේ කොලේජ් නොයා සති දෙකක් යන්න බෑ පාඩුවෙනවා කියලා .... පුලුවන් නම් අපි යන්න කලින් ඇවිත් යන්න එන්න කියන්නකො..... ගෙවල් පැත්තෙ....."

" හරි ඩොක්ටර් මම කියන්නම්....."

" මේ දවස්වල පොඩ්ඩක් චාඕලා නිහඩයි වගේ නේද සීන්..අපිටත් මොනවත් ආරංචිවුනේ නෑ...."

හැරන් යලිත් කීවේය ...

" එකපාරටම නිහඩ වෙන එක තමයිලු දරුණුම ඩොක්ටර් ..... ඒක නිසා කල්පනාවෙන් තමයි ඉන්න ඕන....."

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now