24.. ඉතින් අපි වගේමයි...👬

1.4K 379 231
                                    

🌹🌹 Its about you 🌹🌹 .......

පුංචි දවස් වල දුව පැන ඇවිදලා
දැවටී මා ගතේ
මගේ සිගිත්තා..
අද මෙන් මතකයි
දුවවිත් එල්ලෙන
මගේ හිතේ උන්
මගේ පොඩිත්තා....

දින දින ගෙවුනත්
එදා මෙන් මේ සිත
ඔබේ වටා නම්
දුවනු ඇතේ...
එහෙත් නොකියමි
හිත රැදි සෙනෙහේ
ඔබ හට නම් මා
කිසිම දිනේ...

පුංචි දොස්තර වන විට ඔබ
කෙසේද ඔබ හට මා ගැලපුනේ
නොවේ නොවේ එය
කිසි දින නොවන්නේ
මා වැන්නෙක් ඔබ හට
නොපෑහේ...

දිනයක් ආවොත්
ගිලන්ව ගියහොත්
හැකිනම් මා හට
සුවය සදන්නට..
ඔබේ ඔය දෙතොලින්
අවැසියි මා හට
වරකට හෝ එක්
සිපුමක් අනේ...

බින්ගේ සිතුවිල්ලක්....

Madhusha96  ඉතින් බින්ගෙ,කෑල්ල බින්ට කවි ලියනවා .. ගොඩාක් ලස්සනයි මදූ මැණික ....

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

" සිංගා අද රෑට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා ..."

සෙනඟ තරමක් අඩුවූ මොහොතක යීබෝ කීවේය ....

" මොකක්ද බෙයා ..."

" රෑට කියන්නම්....."

" වැදගත් දෙයක්ද ...."

" හ්ම්ම්ම්...."

" ඔයා ගැනද බෙයා ...."

" නෑ ....."

" එහෙනම් ...."

****

ඉතින් මම ගෙදර ගිහින් ඇවිල්ලා කියන්නම්කො...."

යීබෝ සිනාසෙමින් කීවේය ....ඉතින් සීන් කිසිවක් කියන්නට ගියේ නැත....සවස පහවන විට ග්‍රොසරිය අස්කරන්නට පටන්ගත්තේය ... යීබෝ නිවසට ගොස් එන්නට යායුතු නිසාත් බින් ඔහු සමඟින් පිටත්ව ගියේ හිතකින් නම් නොවේ.....

යීබෝ බින්වත් ඔහුගේ නිවස අසලින් දමාගෙන නිවසට ගියේය .... ඔහු යනවිටත් කුමක් හො ආරවුලක් සිදුවී ඇතිබැව් නිවසතුල පැවති දැඩි නිහැඩියාව ඔහුට ඒත්තුගැන්වීය ..

" ඩිඩී කෝ මමා...."

ලිවින් රූම් එකෙහි වාඩිවී බලාගත් අත බලාගෙන සිටින තම සොයුරා අසලින් අසුන්ගත් යීබෝ ඇසුවේය ....ඔහු වචනයක්වත් කතා නොකර  යීබෝව වැළඳගෙන අඩන්නට පටන් ගත්තේය .... ඉතින් සහෝදර සෙනෙහසට යීබෝගෙ පපුව පත්තුවී ගියේය ..

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now