🌹🌹 Its about you 🌹🌹
බෝනස්......
යීබෝ හිතාමතාම ණය පොත් ටික සීන්ට දුන්නේ ඔහු කාමරය තුලට වී කල්පනා කරන නිසාය... නැත්නම් හවස් වන විට වත්තෙ කම්කරුවන් පැමිණෙන මොහොතේ ඒ වෙලාවට ණය ටික එකතු කර ඒවා පියවා ගන්නට යීබෝට හැකියාවක් ඇත..... ඉතින් කාර්‍ය බහුල ලෙසින් දවස ගෙවී යද්දී සවස තුනට පමණ එක්වරම සුපුරුදු වාහනයක් ග්‍රොසරිය ඉදිරියේ නතර කලේය...
වෙනදාට මොහුව දුටුවත් සිනා නොවන යීබෝ ඔහුට මද සිනාවක් පෑවේය ...
" කෝ ඔයාගෙ සිංගාපපා ...."
චාඕ කැෂියර් එක අසලට විත් ලෙංගතු ලෙසින් ඇසුවේය ...
" කාමරේ ඉන්නවා...."
මේ යීබෝ චාඕ සමඟ සිනාසී කතාකල පළවෙනි අවස්ථාවයි ...
" මම ඇතුලට ගිහිල්ල එයාව බැලුවට කමක් නැද්ද ..."
චාඕ යලිත් ඇසුවේය ....
" කමක් නෑ..... "
යීබෝ කීවේය ... චාඕ දොර අසලට යන්නට යද්දීම යීබෝ යලිත් ඔහුට කතාකලේය ...
" චාඕ ගගා...."
ඒ වදන් චාඕගේ පපුවට සීතල දිය පොදක් මෙන් විය...
" ඊයෙ මාව බේරගත්තට ගොඩාක් ස්තූතී ...."
චාඕ තම ආදරණීය සොයුරා දෙස සෙනෙහස මුසුවූ බැල්මක් හෙලුවේය ...
" ඇතුලට ගිහින් එන්නම්....."
යීබෝගෙ හිසකේ අවුස්සාගෙනම ඔහු ඇතුලට ගියේය ... ඉතින් මේ මොහොතේ ග්‍රොසරිය තුල ගණිදෙනු කරුවන් සිටින නිසා යීබෝට ඔවුන්ගේ කතාවට සිත යොමුකරන්නට නොහැකිවිය....
" දැන් කොහොමද සීන්...."
ඇද අසලින් තබා තිබෙන පුටුවෙන් වාඩි වෙන ගමන්ම චාඕ ඇසුවේය ....
" කැක්කුම තමා පොඩ්ඩක් තියෙන්නේ ...doctor අඩිය ගහන්න එපා කියපු හින්දා මට ඇදෙන් බහින්නත් තහංචි .... පොඩ්ඩ එහා මෙහා වුණොත් අර පෝරිසාදයා මගෙ ඔළුව කයි ...ඕක තමා තියෙන කොස්ස ...."
සීන් සිනාසෙමින් කීවත් ඒ වදන් වල ගැබ්ව තිබුණු ආදරණීය බව චාඕ හැදිනගත්තේය ....
" මම මේ හදිසියේම ආවේ පොඩි කාරණාවක් ගැන කතා කරන්න ...."
චාඕ වටපිට බලමින් කීවේය .... සීන් කුතුහලයෙන් යුතුව ඔහුගේ කතාවට ඇහුම්කන් දෙන්නට සූදානම් විය ...
YOU ARE READING
Its about you ..... zhanyi fan fiction ( Complete )
Fanfictionදඟකාර නෙතු අතර මගේ සිත නැවතිලා.... ඉතින් අතහැර යන්න නොහැකි ලෙස සැඟවිලා... අමනාප කෝලකම් පුරා සැර වැර වෙලා.. රකින්නට හදවතක් ඉතින් මට හිමිවෙලා..... 💚❤️ yizhan forever 🐢 🐢 🐢 🐢