21.. යටගියාව ....⛔

1.3K 387 144
                                    

🌹🌹 Its about you 🌹🌹 ...........

" කාලකන්නියා ...තෝ හින්දා මම හන්දියේ එවුං ඉස්සරහා ලැජ්ජා උනා... උඹට දෙයක් කරන්න ඕනෙ උනානම් ඒක මට කියන්න තිබුනා.... හොරෙන් නොකර ..."

චාඕ යාඕට පහර පිට පහර දෙමින් කෑගසමින් කියවන්නට පටන්ගත්තේය ..තම සොයුරාගේ කේන්තිය ගැන හොදින්ම දන්නා යාඕ පහර කාගෙන නිහඩව සිටියේය ..... අවසානයේ ඔහුගේ කේන්තිය අවසන්විය...

" පොඩ්ඩක් ඉවසලා හිටපං උඹට දොස්තරයගෙ පුතාව රහ බලන්න ඕනෙනම් මම ඒක ලෑස්තිකරලා දෙන්නම්....හැබැයි ටිකක් මේ ගින්න නිවෙනකල් ඉදපං.. උඹ කියන විදිහට ඌ සීන්ගෙ කොල්ලනං ඔය වැඩෙන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්න පුළුවන් වෙනවා .... එකක් උඹේ ආශාව ඉෂ්ට වෙනවා අනික මගේ පරණ කෝන්තර ඔක්කොම සීන්ගෙ පිටින් මට ගන්න පුළුවන් වෙනවා ... "

කේන්තිය අවසන්වූ පසු චාඕ ඔහුගේ සොයුරාව වැළදගෙන කීවේය ... ඉතින් යාඕට ඊටවඩා සතුටක් නැත්තේය ....ඔහුගේ සොයුරාත් කිසිම දවසක කරන්නට බැරි කිසිවක් පොරොන්දු වන්නේ නැති බව ඔහු හොඳින්ම දන්නේ ය...ඉතින් එම නිසා ඒ වනතුරු නිහඬව සිටීමට ඔහු තීරණය කළේය..

" මම හැමදේම හෙමීට ප්ලෑන් කරන්නම් ..උඹ උඹේ පාඩුවේ college පලයන් හැබැයි මොනවත් ඔය කොල්ලට කියන්න යන්න එපා ...උඹ ඉන්න ඕනේ වැඩේ අතහැරිය ගානට .... තේරුනාද ...."

ආදරණීය වැඩිමල් සොයුරා විසින් ඔහුගේ බාල සොයුරාට අපූරු උපදෙස් රාශියක් ලැබුණි ...ඔහු ඉතින් එක හිතින් ම හිස වනා ඒවා පිළිගත්තේය ....

⏳⏳⏳⏳

සති දෙකක් නිවීසැනසිල්ලේ ගතවිය ...ෂැංහයි ගොස් සිටි යීබෝගෙ දෙමව්පියන් මේ වන විට යළිත් ෆූජියෑන් පැමිණ සිටියේය....ඔවුන් පැමිණි මුල්ම දිනයේ යීබෝ ගොස් ඔවුන් හමුවී කතාබහ කර පැමිණියේය ... ඒ මොහොතේ යීබෝගෙ මව විසින් ඔහුට නිවසේ නතර වෙන්නට යැයි කිහිප වතාවක් කිව්වත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය ...

" මම එහෙ ඉන්නේ සතුටින් මමා... ඒක නිසා මට එහෙ පාඩුවේ ඉන්න දෙන්න.. ඔයා දන්නවනේ ගෙදර ඉන්නකොට තියෙන ප්‍රශ්න ....දැන් ඔයත් හිත නිදහසේ ඉන්නවා...."

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now