42... මගෙම වෙලා 👨‍❤‍👨

1.4K 353 185
                                    

🌹🌹 Its about you 🌹🌹 .........

" සිංගා අපේ ගෙදර යමුකො අද...."

උත්සවය අවසන් වී නිවසට පැමිණි මොහොතේ සීට යීබෝ සීන්ට කරදර කරන්නට පටන්ගත්තේය ...ඉතින් අද දෙදෙනාගේ Graduation එක නිසාවෙන් ග්‍රොසරියත් වසා ඇත....

" ගගා අපි දෙන්නා පොඩ්ඩක් ඇවිදින්න යනවා...."

යීබෝ සීන්ට කරදර කරමින් සිටින විටම යුවාන් ග්‍රොසරිය තුලට හිස දමා කීවේය ...ඉදිරිපසින් වසා තිබුනත් සීන් මේ කැෂියර් පුටුවේ වාඩිවී මුදල් වගයක් සකසමින් සිටින්නේය ..

" ඔව් ඔව්.... එයාලා ඉතින් හැමතැනම ඇවිදිනවා....මට ඉන්නෙ කැෂියර් පුටුවට අරක් ගත්තු බහිරවයෙක් නේ.....ඕන්නෑ කොහෙවත් යන්න ඕන්නෑ...... "

යීබෝ කේන්තියෙන් ගොස් කාමරයේ දොරත් වසාගෙන ලොක් එකත් දමාගත්තේය ... ඒත් සමඟම සීන්ගේ දුරකතනය නාදවිය...

" හෙලෝ......"

"............."

" ආ හරි..... එළකිරි .....කොල්ලා..."

සීන් සිනාසෙමින් ඇමතුම අවසන්කර නිවස තුලට ගියේය .... ෂියාඕ සිනාසෙමින් ආලින්දයේ වාඩිවී සිටී....

" පරමාණු බෝම්බයක් පපා...."

සීන් හිස කසමින් කීවේය ... ෂියාඕ කිසිවක් නොකියා අහකබලාගත්තේය ....

" බෙයාපැටියා ......දොර අරින්නකො...."

" ඕන්නෑ.... අද සාලෙ නිදියන්න ....මං මේ නිදි...."

" තාම පහයි තිහයි වෙලාව මැණික ... මේක අරින්නකො......"

" අරින්නෑ......"

සීන් කිහිපවතාවක්ම උත්සාහ කලත් දොර ඇරගන්නට නොහැකිවිය.... අද යීබෝ සහ යුවාන් උත්සවය අවසානයේ මිතුරන් සමඟ පැය කිහිපයක් කොලේජ් එකේ නතරවී නිවසට ආවේ මීට සුලුමොහොතකට පෙරයි....

සීන් විනාඩි දහයක් පමණ ෂියාඕ අසලට වී සිටියේය .... යීබෝ දෙනෙතෙහි කදුලු පුරවාගෙන කවුලුවෙන් පිටත බලාගෙන සිටියේය ... තවත් විනාඩි විස්සක් ගතවිය... නිවස තුල කිසිදු ශබ්දයක් නැත.... යීබෝ දොරටත් කන තියා බැලුවේය ... නැත හාවක් හූවක් නැත්තේය .. සෙමින් දොර විවර කරත් නිවසතුල කිසිවෙකු නැත.... ආලින්දයේ ස්ටූල් එක උඩ කොලයක් තිබෙනු යීබෝ දුටුවේය ...

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now