🌹🌹 Its about you 🌹🌹.................
පෙරදා රාත්‍රියේ දීත් ඔහු නිවසට පැමිණියේ හරියටම දහයත් පසුවී මහ වැස්සේ තෙමීගෙනයි... මත්පැන් පානය කරන්නට ඔහු කිසිම විටෙක සීන් ගේ මුදල් ලබාගන්නේ නැත ...උදේ ඉඳන් සවස් වන තුරු අනුන්ගේ තේ වතු වල කුමක් හෝ කුලී වැඩක් සිදුකර ඒ ලැබෙන සොච්චම අවසානයේ තේ වත්ත කෙළවර තියෙන ගිනි වතුර සාප්පුවට පූජා කරන්නේය ...තවත් ටික වේලාවක් පාරදෙක බලාගෙන සිටි සීන් මහා වර්ෂාව දෙස බලා සුසුමක් ද හෙළමින් ග්‍රොසරි යේ ඉදිරිපස ප්‍රධාන දොරටුව වසා දැමුවේය....
***
සීන් නිවසතුලට යනවිට යුවාන් රාත්‍රී ආහාර සූදානම් කරන්නට පටන්ගෙන තිබුනු අතර යීබෝ තවමත් සීන්ගේ කාමරයෙහි හාන්සිවී සිටින අයුරු දුටුවේය ....
" මොනවද හදන්නෙ යුවා...."
" නූඩ්ල්ස් හදනවා බෝයා ආසම නේ....."
"හ්ම්ම්..... එහෙනම් චිකන් දාමු.... "
සීන් කීවේය ... චිකන් මික්ස් නූඩ්ල්ස් යීබෝගෙ ප්‍රියතම ආහාරයක් බව පෙර සිටම සීන් දන්නේය ... ඉතින් ඔහු ෆ්‍රේසරයෙන් චිකන් බ්‍රෙස්ට් පැකට්ටුවක් පිටතින් තැබුවේය ..
" දැන් මොකද එයාට....."
කමිසයේ අත්දෙක නවමින් එළවළු ටික කපන්නට ගන්නා ගමන් සීන් ඇසුවේය ..... යිබෝ සෙමින් සෙමින් ඇවිදගෙන මුලුතැන්ගෙයට එමින් සිටි නිසා ඔවුන්ගේ කතාබහ සවන වැකුනි ....
" දැන් ගොඩාක් අඩුයි ගගා... ගෙදර යවනවද එයාව...."
යුවාන් ඇසුවේය ...
" නෑ නෑ.... එයා ඔහොම හිටපුදෙන් .... එයා යන්න ඕනෙ කිව්වොත් විතරක් යන්න දෙමු..."
සීන් වැඩ අස්සේම කීවේය ...
" මගේ ඇද පොඩීනෙ ගගා එක්ක තමයි බෝට නිදාගන්න වෙන්නෙ ...."
" ඔව් ඉතින් උඹත් එක්ක නිදියෑවොත් අර කොල්ලගෙ කෑලි හොයන්න වෙයි .... රෑ එළිවෙනකල් ඩාන්ස් දානවනේ නින්දෙන් ....."
සීන් සිනාසෙමින් කීවේය ....
" ගගා...."
" හ්ම්ම්..."
" චාඕ ගෙ එවුන්..."
යුවාන් ඇසුවේය ...
" ඒක මම හෙට බලාගන්නං... අද මුකුත් කරන්න හිතට නිදහසක් තිබ්බෙ නෑනේ..... "
YOU ARE READING
Its about you ..... zhanyi fan fiction ( Complete )
Fanfictionදඟකාර නෙතු අතර මගේ සිත නැවතිලා.... ඉතින් අතහැර යන්න නොහැකි ලෙස සැඟවිලා... අමනාප කෝලකම් පුරා සැර වැර වෙලා.. රකින්නට හදවතක් ඉතින් මට හිමිවෙලා..... 💚❤️ yizhan forever 🐢 🐢 🐢 🐢