09.. මගෙ ලඟින්...💚

1.8K 399 257
                                    

🌹🌹 Its about you 🌹🌹......

" අදනම් වැස්සක් නෑ වගේ නේද සීන් අයියා....."

හයට ආසන්න වෙද්දී ග්‍රොසරියේ ඉදිරිපස ඇති බඩු අස්කරන්නට සූදානම්ව බින් කීවේය ....

" ඔව් .... කමක් නෑ අස්කරමු අර කට්ටියට උයන්නත් එපැයි ....."

සීන් කීවේය .... කෙසේහෝ හයහමාර පමණ වනවිට අදුර වැටෙන නිසා බින්ව පිටත් කර යැවූ සීන් ඉතිරිය අස්පස් කර ග්‍රොසරිය වසා දැම්මේය..... හතටත් ආසන්න වී ඇත... ෆූජියෑන් වල කොහොමත් රාත්‍රී හත පසුවූ පසු මිනිසුන් වැඩිය එළි පහලියට බසින්නේ නැත... එකක් අධික සීතල මෙන්ම අනෙක් කාරනය කැලෑ සතුන් පාරට එන්නේ අන්ධකාරයත් සමඟ වීමයි...

ඉදහිට මාස කිහිපයකට වතාව එක්කෝ දිවියෙකු සපා කෑමක් සර්ප දෂ්ඨනයක් වැනි අනතුරුත් හිග නැත්තේය... වල් ඌරන් උනත් භයානකය.... ඉතින් කොයි දේටත් වඩා ආරක්ෂා වීම සුදුසු නිසා සවස් වනවිට මිනිසුන් තම රාජකාරි අවසන් කරගෙන නිවෙස් තුලට වන්නේය.....

සීන් මුලුතැන්ගෙයට යන්නට පෙර ඔහුගේ කාමරයට හිස පෙව්වේය.... සිව් දෙනාම මේසය වටා වාඩිවී ලොකු වැඩක් බව ඔහු දුටුවේය .

" ගගා උයන්න මම එන්නද..."

සීන්ව දුටු යුවාන් ඇසුවේය ...

" නෑ නෑ...
ඔයාලා වැඩේ කරන්න..... මම උයන්නම් ... ඉන්න මම කට්ටියටම කෝපි හදන්නම්...."

සීන් දෙස හොරෙන් බලන යීබෝටත් සිනාසී ඔහු මුලුතැන්ගෙයට ගියේය ...

" අයියා සැරයි කිව්වට එච්චර සැර නෑ යුවා..."

ෂූයෑන්ග් කීවේය ...

" ආහ්....ඒ උඹලා දන්න තරම...මේං මූගෙන් අහගන්න කොහොමද අපි දෙන්නට බනින්නෙ කියලා .."

යුවාන් යීබෝව පෙන්වමින් කීවේය ... යීබෝත් බරපතල ලෙසින් ඔව් යැයි කියන්නට හිස සැලුවේය ....

" මම වොෂ් රූම් එකට ගිහින් කෝපිත් අරගෙනම එන්නම්...."

තවත් විනාඩි පහකින් පමණ යීබෝ එතැනින් නැඟිට කාමරයෙන් පිටතට ගියේය .... මුලින්ම වොෂ් රූම් ගොස් යීබෝ මුලුතැන්ගෙය තුලට ආවේය ....

"ඇවිදින්න නෙවෙයිනෙ තියෙන්නෙ .... වැඩේ කරඟන්න....."

සීන් අසලට ඇවිත් පැන්ට්‍රියට හේත්තුවී සිටින යීබෝට සීන් කීවේය ...

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now