5.ආගන්තුක ඔහු 🙄

1.7K 259 54
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
නැගිට ගන්න පණක් නැති වුණත් අමාරුවෙන් කොර ගගහා ගිහින් වැට ළග තිබ්බ මකුලත කෝටුවක් අතට ගතපු මම ඒකෙ වාරුවෙන් අමාරුවෙන් අමාරුවෙන් ගේට්ටුවත් ඇරන් වැස්සෙම පාරට බස්සෙ ජීවිතේ මනුස්සයෙක්ට දරාගන්න පුලුවන් උපරිම සීමාවත් පහු කරලා.......ඉතිං කවදාවත්ම මගේ ජීවිතේට සතුටක් උදා වෙයිද.....? මට නම් කිසිම බලාපොරොත්තුවක් නෑ......ඇවිදින මල කඳක් වගේ වැස්සෙම පාරෙ ඇවිදන් යන මං දිහා ගොඩක් අය බැලුවෙ අවඤාවෙන් වෙද්දි සමහරු නම් මගේ දිහා අනුකම්පාවෙන් බැලුවා.......
.
.
.
.
.
.
හොදටම මොර සූරන වැස්ස.....මම දන්නෙ නෑ අඩුම ගානෙ තාත්තලා මාව හොයනවද කියලා වත්.....සමහරවිට නැතුව ඇති....මොකද එයාලට දරාගන්න පුලුවන් වරදක් නෙමෙයිනෙ එයාලට අනුව මං කළේ.....එයාලා සමාජෙ නම්බුකාර විදියට ජීවත් වුණ මිනිස්සුනෙ......හ්ම්ම්.....කවදාවත්ම මගේ අම්මයි තාත්තයි දැනගන්න එකක් නෑ එයාලගෙ පුතා මේ වගේ කෙනෙක් වුණේ ඇයි කියලා...තමන්ගෙ තාත්තගෙ එක අතපසුවීමක් නිසා තමන්ගෙම පුතාගෙ ජීවිතේ අපායක් වුණා කියලා මගේ තාත්‍තා කවදාවත්ම දැනගන්න එකක් නෑ....දැනගන්නත් එපා....මට එයාලා කිසිම කෙනෙක් එක්ක කිසිම තරහක් නෑ....මට දුකයි....මොකද මං ගොඩාක් අසරණයි...මට දැන් drugs වගේම sexත් තදින්ම ඕන.....මං ඒකට addict වෙලා......රුක්ෂාන් ....තිරිසනා .....උඹට හොදක් නම් වෙන්න එපා මට මේ කරපු අපරාදෙට.....

මගේ හිතේ තියන දේවල් කියාගන්න මට කිසිම කෙනෙක් නෑ...ඔක්කොමත් වඩා මං මගේ මේ පොඩි වයසට විදින්න ඕන උපරිම වේදනාවත් විදලයි ඉන්නෙ....මට ජීවිතේ නැති කරගන්න ඕන....ඒත් මට බෑ....මොකද මං කර්මය තදින්ම විශ්වාස කරන කෙනෙක්.....පෙර පිනකට ලැබුණ ජීවිතේ කාලකන්නියෙක් විනාස කළාට ඒක නැති කරගන්න හදන එක ලොකු පවක්......

ඉතිං කොච්චර වේදනා වින්දත් මං ජීවත් වෙන්න ඕන.....ඉබේ මැරෙන්න බැරිකමට......මහ වැස්සෙම අඩ අඩාම මම කොච්චර දුරක් පයින් ආවද කියලා වත් මට මතකයක් නෑ.....තාත්තා ගහපු පාරවල් වලට තුවාල වෙලා ලේ ගාවුණු මගේ කමිසෙ මේ වෙද්දි වැස්සට තෙමිලා ලේ ටික හේදිලා තිබුණා...ඒ වුණත් තුවාල පෑරි පෑරි වැස්සට මගේ ඇග දිගේ ලේ බේරෙද්දි මාව හොදටම ගැහෙන්න ගත්තා.....ඔව් ඒ මට drug එක ඕන වෙලා.....මට හිතාගන්න බෑ මොකද්ද මං කරන්න ඕන කියලා....මං දිව්වා....ලේ බේරෙද්දි මං දිව්වා....පිස්සෙක් වගේ පාර පුරාම දිව්වා.....මේ කොහෙද මං කොහාටද යන්න ඕන කියලා කිසිම දෙයක් නොහිතා මං වැස්සෙම දිව්වා.....අවසානයක් නෑ කියලා දැන දැනම මං දිව්වා....මට පිස්සු.....හොදටම පිස්සු.......මං හිනාවුණා......දුවන ගමන් හිනාවුණා.....

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now