24.අවාසනාවන්ත දවසක් 👠

1.3K 224 43
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
ඊයෙ වෙච්ච අදුරු මතක එකින් එක මතක් කරලා බලද්දි එතෙන්ට හේෂ් ආවෙ නැත්නම් මට මොනවා වෙයිද කියලා හිතද්දිත් මගේ මුලු ඇගම සීතල වෙලා ගියා....මට තේරුම් ගන්න බෑ ඇයි සමහර මිනිස්සු මෙච්චර පහත් කියලා....හිතාගන්න බැරි තරම් පහත් මිනිස්සු අතරෙ හේෂ්ලා වගේ හොද මිනිස්සු අතලොස්සක් හරි ඉන්න එක ගැන නම් මට ලොකු සතුටක් දැණුනා....මම දන්නෙ නෑ තමයි  හේෂ් කියන්නෙත් කොයි වගේ කෙනෙක්ද කියලා....ඒත් එයා මට කවදාවත් නරකක් වෙන්න දෙන්නෙ නැති බව මං දන්නවා...මොකද මට එයාගෙන් ලොකු ආරක්ෂාවක් දැනෙනවා....

"අවී මහත්තයා......"

"ඔව් ඩේව් කියන්න......"

"හේෂ් මහත්තයා නුවර ගියා....මහත්තයා අද කරාටි පන්ති නොයා ඉමු......."

"හේෂ් මහත්තයා යන්න එපා කිව්වද ඩේව්.....?"

"එහෙම කිව්වෙ නෑ මහත්තයා .....ඒ වුණත් මට මහ අමුත්තක් දැනෙනවා ඒකයි ......"

"ආ එහෙනම් කමක් නෑ....ඩේව් බය වෙන්න එපා .....අපි යමුද එහෙනම්......"

"අනේ මන්දා මහත්තයා යමුකො එහෙනම්......"

"හ්ම්ම්......"

ලෑස්තිවෙලා ඩේව් මාව එක්කන් යන්න එනකම් ඉදපු මට ඩේව් ඇවිල්ලා කිව්ව කතාවත් එක්ක පොඩි තිගැස්මක් ඇති වුණත් මොකක්දෝ හේතුවකට මට අද යන්නම හිතුණා....ඒක මගේ වාසනාවද අවාසනාවද මම දන්නෙ නෑ....හේෂුත් නුවර ගිහින්....එදා වගේම මම දන්නෙ නෑ එයා ගිහින් කියලා.....හ්ම්ම්.....කියන්න තරම් දෙයක් අපි අතර නෑනෙ 😔.....එක අතකට අපි අතර එහෙම බැදීමක් ඇති වෙන්නෙ නැති එක හොදයි...නැත්නම් මං මැරෙන්නෙ දුක දරාගන්න බැරුව 🥺.......

"අවී මහත්තයා බහින්න අපි ආවා......."

ඩේව් නුගේගොඩට එනකනුත් මං කල්පනාවෙ.....අනේ මන්දා මටත් අද නම් මහ අමුත්තක් දැනෙනවා තමයි....ඒත් ඒක ගැන නොහිතා මං ඩේව්ට සමු දීලා ආයතනෙ ඇතුළට ගියා.....

"ආශ් අයියෙ......."

"ආ අවී මල්ලි උඹ ඇවිත්.....යමු යමු......"

ඇතුළට ගියාම ආශ් අයියා මාව පුහුණු කරන තැනට එක්කන් ගියා.....මම එයා එක්ක ටිකක් practice කරලා මගේ partner එක්ක කරාටි පුරුදු වුණා....ටික වෙලාවක් යද්දි අත කඩියෙක් කනවා වගේ දැණුන නිසා මගේ අතින් මගෙ partnerව මිස් වුණා....මගේ අවධානය වෙනස් වුන නිසා ඒක ප්‍රයෝජනයට අරන් එයාගෙන් හොද පාරක් මගේ බඩට වැදුණා....ඒ පරට මාව බිමට වැටෙද්දි මං එයාව අල්ලගන්න හැදුවත් එයා මාව තල්ලු කළා....ඒ එක්කමයි එයාගෙ අතේ තිබිලා සිරින්ජරයක් වැටුණෙ....මගෙ ඇස් නිලංකාර වගේ වීගෙන එද්දි මං දැක්කෙ ඒ මූණෙ ඇදුණ සමච්චල් සහගත හිනාව....ඒ කියන්නෙ එයා මට බෙහෙතක් විදලා....ඒත් ඇයි ....ඒ බෙහෙත මොකද්ද ....? සිහිය නැති වෙන අන්තිම තත්පරෙත් මට මතක් වුණේ මගේ හේෂ්ව.......
.
.
.
.
.
.
.
.
.
.
.
"මෙන්න මූට සිහිය එනවා....."

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now