29.හේෂ්ගෙ ආදරේ

1.3K 206 42
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.

පස්වෙනි පිටුව .....♡♡♡ .....
.
.
.
.
.
.
එයාගෙ විස්තර රහසින් හොයන්න පටන් ගත්ත මං මොහොතකට මගෙ මිෂන් එක අමතක කරලා එයාට මුල් තැන දුන්නා....ඇයු කියලා මම තාම දන්නෙ නෑ.....

වටින් ගොඩින් හොයාගෙන හිටපු තොරතුරු එයා ගැන නිගමනේකට එන්න මදි වෙද්දි දවසක් හිතාමතාම එයාගෙ ඇගේ හැප්පුණ මං එයාගෙ watch එකේ tracker එකක් සෙට් කළා.....එයා යන එන තැන් බලාගත්ත මං දැනගත්තා රුක්ෂාන් කියන මිනිහෙක් ගැන....එයා නැවතිලා ඉන්න තැන කොල්ලගෙ අයියා ඌ කියලත් මං දැනගත්තා....රුක්ෂාන් කවුද කියලා හොයද්දියි මං දැනගත්තෙ එදා මගේ Shopping Complex එකේදි එයා එක්ක කේස් එකක් දගනිපු කොල්ලා කියලා......

රුක්ෂාන් කියන්නෙ කලු සල්ලි හොයන මහ ජරා මිනිහෙක් ....එයාට අවිනාශ් එක්ක තියන සම්බන්දෙ මොකද්ද ......?

මං හෙව්වා.....මගේ යාලුවොන්ට කිව්වා.....අන්තිමේදි රුක්ෂාන් කියන මිනිහගෙ පොට් එකට නිතරම යන එක ඩොකෙක්ව අපිට හම්බුණා.....ඌව උස්සලා දෙකක් තුනක් දෙද්දි ඌ හැමදේම වැමෑරුවා.......ඔව් ඌ තමයි රුක්ෂාන් කියන බල්ලගෙ හැමදේම දන්න එකම එකා.....

.
.
.
.
හයවෙනි පිටුව ....♡♡♡ ......

.
.
.
දන්නවද දිනපොත ඒ ඩොකාගෙන් මං අවිනාශ්ට රුක්ෂාන් කරපු කියපු හැම දෙයක්ම දැනගත්තා....දෙවියනේ තාත්තා කරපු වරදකට ඌ පලිගන්න පාවිච්චි කරලා තිබුණෙ ජරාම ක්‍රමයක් වෙද්දි මගේ ඇගේ ලේ රත් වුණා.......ඒ තිරිසනා ඒ පොඩි එකාට දස වද දීලා......මට ඌව මරන්න තරම් කේන්තී......

මේ දේ කරපු උන්ගෙන් අවීව ගලවගෙන මගේ ළගට ගන්නයි මට ඕන කළේ.......ඒත් දිනපොත එයා මාව දන්නෙ වත් නැතුව ඇති සමහරවිට .....

.
.
.
.
හත්වෙනි පිටුව.....♡♡♡ ........

.
.
.
.
.
හැමදේම දරාගෙන හැම වරදක්ම බාරගෙන පවුලෙන් ඈත්වෙලා අර බල්ලට බිලිවුණ ඒ කොල්ලා ගැන මට දැණුනෙ කියාගන්න බැරි තරම් හැගීම් ගොන්නක්....මටවත් හිතාගන්න බෑ මං ඇයි අවිනාශ් ගැන මේ තරමටම හිතන්නෙ කියලා ....ඒත් මං දන්නවා එක දෙයක් නම්....ඒ මට එයාව මගේ ළඟ තියන් හොදින් බලාගන්න ඕන් කියලා ....

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now