17.මගේ තීරණය 💞

1.4K 234 57
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.

"ඒ මොකද්ද ?"

"ඒ උඹගෙ boyfriendනෙ....."

"ඔව් යකෝ කියපන්...."

"එහෙනම් ඔය එක ක්‍රමයක් වත් හරි ගියේ නැත්නම් උඹ කොල්ලා එක්ක sex කරපන්....."

"ම්.....මොකක් 😳.....මොන හුයන්නක්ද යකෝ ඒ කිව්වෙ 😑.....?"

"මොකද ඉතිං ....ඒ උඹගෙ කොල්ලා නම් ප්‍රශ්නයක් නෑනෙ ....."

"ඒත්......"

"ඇත්ත කියපන් හේෂ් කවුද ඒ......? උඹගෙ කොල්ලා නෙමෙයි නේද......?"

"ඒක දිග කතාවක් මචං....මං උඹට හම්බුණ වෙලාවක හිමින් කියන්නම්.....මං තියන්නම් බන්...."

"හ්ම් හරි කොල්ලො....බැරිම උනොත් ඉතිං මං අන්තිමට කිව්ව දේ කරපන්....."

"හ්ම්ම්......."

හේෂ් තිනුරගෙ call එක ඉවර වෙලා අවී ළගට ගිහින් නළලට අත තියලා බැලුවා....ගිනි රස්නෙයි....ඊටත් වඩා අවී වෙව්ලනවා....හේෂ් ඉක්මනට ඇලිස්ට කියලා උණු වතුර එකක් ගෙන්නගෙන තිනුර කිව්ව විදියට මූණයි බෙල්ල හරියයි ටිකක් පිහිදලා දාලා තෙත තුවායක් කොලොන් දාලා නළලෙන් තිබ්බා.....ඇදුම් ටිකක් බුරුල් කරලා උණු වතුරෙන් පොඩ්ඩ පොඩ්ඩ පිහදාලා දැම්මා....
.
.
.
.
"අවී......නැගිටලා මේ පැනඩෝල් දෙක බොන්න......"

"ම්......"

අවීට සිහියක් නෑ....හේෂ් අවීව ඇදෙන් අරන් එයාගෙ ඇගට හේත්තු කරන් වතුර එක්ක පැනඩෝල් දෙකක් දීලා ආයෙ හාන්සි කෙරෙව්වා...

"ඇලිස්.......ඇලිස්........."

"එනවා මහත්තයා......."

"පුංචි මහත්තයට හොදටම උණ....කන්න පුලුවන් දෙයක් හදන්න....ඇලිස් දන්නවනෙ උණ හැදුනම කන්න පුලුවන් දේවල්...."

"අනේ ඔව් මහත්තයා...මං හදන්නම්.....ඉස්සෙල්ලා පුංචි මහත්තයට සුප් එකක් හදලා දෙන්නම්....ඊටපස්සෙ කන්න දෙයක් හදන්නම්....."

"හරි ඇලිස් යන්න එහෙනම් ගිහින් ඒ ටික හදන්න....."

ඇලිස් ගියාට පස්සෙ හේෂ් බලන් හිටියෙ අවීගෙ මූණ දිහා...අවී නින්දෙන්ම අමාරුවට කෙදිරිගානවා...හේෂ් අල්මාරිය ඇරලා තව ශීට් දෙකක් ගෙනැල්ලා අවීට පෙරෙව්වා...අවී තව තවත් ඒ ශීට් අස්සට ගුලිවෙදි හේෂ් අවීගෙ ඔලුව අතගාලා එළියට ගියා...
.
.
.
.
"අවී.....මේ සුප් එක බොමු......"

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now