23.ආරක්ෂාව 💕

1.3K 229 53
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
බයටම මං පස්සෙන් පස්සට යද්දි එක පාරටම මගෙ කකුල පැටලිලා වැටුණා....දුල්මිණ වියරුවෙන් හිනාවෙවීම මගේ දිහාට එන්න පටන් ගත්තා.....

"දුල්මිණ ඕක කරන්න එපා.....plz......"

එයා මගේ දිහාට injection  එක අරන් පහත් වෙනවත් එක්කම පිටිපස්සෙන් ආව ශක්තිමත් අත් දෙකක් මාව උස්සලා ගත්තා......ඒ සුවද....ඒ උණුසුම......මගේ අලු ඇස් 🥺....මං තවත් තදින් එයාට තුරුල් වුණේ මට මේ ලෝකෙ තියන ආරක්ෂිතම තැන එතන කියලා දැණුන නිසා....එයාගෙ ඇස් වල තනිකරම තිබ්බෙ කේන්තියක්....වෙනදා  නපුරුකම් වලින් පිරිලා තිබුණත් ඒ ඇස් වල මං අද දැක්කෙ තනිකරම තදබල කේන්තියක් ....ඒ මං එක්ක නම් නෙමෙයි.....දුල්මිණ එක්ක......මං එයාගෙ මූණ අධ්‍යයනය කරපු නිසා මට දුල්මිණ ගැන බලන්න වුණේ නෑ.....මං කළේ එයාගෙ සුවදට ඉව කර කර තවත් තුරුල් වුණ එක....ඈත් වෙන්න හැදුවට මට එයාගෙන් ඈත් වෙලා ඉන්න අමාරුයි .....

"හහ් තමුසෙද මූව පදින අලුත් එකා එහෙනම්......."

මගේ දැහැන බිදිලා ගියේ දුල්මිණගෙ ඒ ජරා වචන වලට.....මං කවදාවත්ම දුල්මිණගෙන් ඒ වගේ වචන බලාපොරොත්තු වුණේ නෑ .....මට දැණුනා ඒ වචනත් එක්ක හේෂ්ගෙ හුස්ම ගන්න වේගෙත් වැඩි වෙනවා....

"අවී තමුසෙට ඇවිදින්න පුලුවන්ද ......?"

හේෂ් එහෙම ඇහුවම තමයි මට මතක් වුණේ මං තාමත් ඉන්නෙ හේෂ්ගෙ අත් උඩ කියලා ....මං ඉක්මනටම එයාගෙන් බැහැලා කකුල බිම තියද්දිම......

"අහ්ව් 😫...."

දෙයියනේ මගෙ කකුල බිම තියන්න බෑ 😫.....

"අවී.....මොකද අමාරුද.....? කෝ බලන්න ......"

මං කෑගහපු නිසා හේෂ් දුල්මිණ වත් අමතක කරලා දාලා මගේ කකුල බලන්න පාත් වුණා....

"අවී කකුලෙන් ලේ එනවා...තුවාල වෙලා......"

එයා වෙනදා තරම් සැරෙන් නැතුව එහෙම කියලා මාව වාරු කරගනිද්දිම වගේ තමයි මං දුල්මිණ දිහා බැලුවෙ....Injection එක තාම උගේ අතේ 😳....දෙවියනේ මගෙ හේෂ්.....එයා හේෂ්ට අනින්න නේද හදන්නෙ...නෑ ඒක වෙන්න දෙන්න බෑ...හේෂ් මගේ පැත්ත හැරිලා ඉන්න නිසා එයාට දුල්මිණව පේන්නෙ නෑ.......

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now