20.පාළුව 😔

1.3K 220 34
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
"අවී මහත්තයා බහින්න......"

ගෙදරට ඇවිල්ලා ඩේව් කතා කරනකම් මට නින්ද ගිහින්.......මං ඉක්මනට බැහැලා ඇතුළට ගියේ දැන් වත් අඩුම ගානෙ හේෂ්ව මට හම්බවෙයි කියන බලාපොරොත්තුවෙන් ......ඒත්.......ඒත්.........එයා ගෙදරත් නෑ........🥺........

මට දුකයි.....ගොඩාක් දුකයි.......හැමදේටම වඩා දුකයි......මට හේෂ්ව දකින්න ඕන.....බනින්න හරි එයා මගේ ළග ඉන්න ඕන කියන එකයි මගේ හැගීම වුණේ .....මං දන්නෑ මං මෙච්චර බොළද වුණේ කවදද කියලා.....ඒත් මට හේෂ්ව ඕන......
.
.
.
.
.
.
.
.
"ඇල්ස් කෝ හේෂ් මහත්තයා නැද්ද.....?"

බැරිම තැන මං ඇලිස්ගෙන් ඇහුවා...මොකද වෙනදා මේ වෙද්දි හේෂ් ගෙදර.....

"ඇයි අවී මහත්තයා හේෂ් මහත්තයා කිව්වෙ නැද්ද......?"

"............."

"හේෂ් මහත්තයා නුවර එළියෙ ගියානෙ....."

දෙයියනේ එයා ගිහින්....මට කියලා යන්න තරම් මාව උඹට වැදගත් නැද්ද හේෂ් 😔....හේෂ් .....උඹ අයිති නෑ කියලා දන්නවා ....ඒත් අඩුම ගානෙ උඹ මට පේන මානෙන් වත් ඉදපන්කො මැණික .....මං හිතෙන් අඩ අඩාම කාමරේට ගිහින් barthroom එකට වැදුනා .......

එයා නැතුව මගේ හිත මහ අමුතු පාලුවකින් වෙලාගෙන.....ඒත් එයාව මට අයිති නැති නිසා මං හිත හදාගන්නම ඕනි....මං ඒ නිසා ඉක්මනටම නාලා ඇදට පැන්නෙ හිතට දැනෙන දුකත් හංගගෙන.....අද දෙවනි දවස නිසා අමාරුව අඩු වුණත් ඊයෙ හේෂ් මාව පරිස්සමින් බලාගනිපු විදිය මතක් වෙලා මට ඇඩුණා....

උඹ ඈත් වෙන්න නම් ඇයි හේෂ් මට මේ තරම් ළං වෙන්නෙ....උඹගෙ නපුරුකම් අස්සෙ මං දකින්නෙ ආදරේ නෙමෙයිද....? මං දන්නෙ නෑ ....මට මේ හැගීම් පුරුදු නෑ.....එක්කො මාව ඈත් කරලම තියපන් .....මට උදව් කරන්න වත් එපා.....ඒත් ඔහොම ළංවෙලා මාව ඈත් කරන්න එපා හේෂ්....මට දරාගන්න බෑ බන්.....මං මොකද්ද කරන්න ඕන....මං අඩන්නද .....උඹව ඈත් කරන්නද......ඒත් උඹව දකිද්දි මං කොහොමද බන් දරාගන්නෙ.....
.
.
.
.
.
.
.
.
හැමදාම මං කරන්නෙ රෑට අඩන එක....මේක මගේ දෛවයද...😔

"අවී මහත්තයා කෑම කන්න එන්න  ....."

නින්දත් නොනිදත් අතර හිටපු මට ඇලිස්ගෙ කටහඩ ඇහුණා.....ඇස් ඇරගන්න බෑ තදවෙලා එකට ඇලිලා වගේ.....ඇයි ඉතිං හොදටම ඇඩුවනෙ මං....වෙලාවකට මටම තරහයි මාත් එක්ක.....

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now