13.පැන යාම 🥺

1.4K 244 69
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
ඉක්මනින් කෑම කාලා කාමරේට ආව මං මගේ කියලා තිබ්බ පොඩි පොඩි බඩු ටික පැක් කළා....ඊටපස්සෙ නාගෙන ඇදුමක් දාගෙනම දුල්මිණ නින්දට යනකම් බලන් හිටියා....දැන් උඹලා බලනවා ඇති නේද මං මොකද්ද කරන්න යන්නෙ කියලා ......හ්ම්ම්.....මං මෙහෙන් යනවා.....ඒක තමයි මගේ අන්තිම තීරණය.....

ඉතිං කියන්න එපා උඹට යන්න තිබ්බෙ මීට කලින් කියලා ......එහෙම නෑ.....දුල්මිණගෙ රහස දැනගත්තට පස්සෙයි මං මේ තීරණය ගත්තෙ.....උඹලම කියන්නකො......තමන්ගෙ ජීවිතේ විනාස වෙන්න එකම හේතුව වුණ ඒ මිනිහගෙම මල්ලි එක්ක එක ගෙදරක ජීවත් වෙන්න පුලුවන්ද.......? එයා වැරදි නොවුණත් ......? මං දන්නෑ මට නම් බෑ......ඉතිං මං යනවා.....මෙහෙන් යන්නම යනවා....මං දන්නෑ මං ගිහින් කොහේ නතර වෙයිද කියලා ......ඒත් තවදුරටත් මට මේ වහල යට ඉන්න බෑ....කියන්න මං අසාධාරණයිද......?දැන් උඹලා අහයි උඹ ගියාම අරූ ආයෙම පවුලට කරදර කරාට කමක් නැද්ද කියලා ....මං දන්නෑ.....මට මෙච්චර කාලයක් පවුල නිසා විදෙව්වා ඇති ....මොකද මං ජීවිතේ විදින්න ඕන කාලෙ හොදටම විදෙව්වා....මගේ වයසටත් වඩා....තවත් නම් බෑ.....මං දන්නවා උඹලට තවත් ප්‍රශ්න ඇති.....ඒත් මේ වෙලාවෙ පවුල ගැන හිතනවට වඩා මට ආත්මාර්ථකාමී වෙන්න හිතුණා....ඉතිං මං මෙහෙන් පැනලා යනවා....කොහොමත් මට මගේ තාත්තා ගැන එහෙමට ලොකු පැහැදීමක් නෑ.....අම්මා ගැන වුණත්....මොකද එදා අවජාතකයෙක් වගේ ගහලා ගහලා දාද්දි අම්මට තිබුණා මාව බේරගන්න.....ඒත් එහෙම දෙයක් වුණේ නෑ....මං දන්නවා අම්මා අසරණ ඇති.....ඒත් දෙයියනේ දැක්ක හැමදේම විශ්වාස නොකර එයාලට හොයන්න තිබුණා නේද .....? එහෙනම් අද මගේ ජීවිතේ මේ වගේ අපායකට නොවැටෙන්නත් තිබුණා.....මං එයාලට වෛර කරන්නෙ නම් නෑ.....ඒත් ආදරේ කරනවා කියලා කියන්නත් බෑ.....ඉතිං මෙච්චර කල් මං මගේ ජීවිතේ බිලි දීලා පවුල ආරක්ෂා කළා මදිද.....? තවත් මං බිල්ලක් වෙන්න ඕනද......? මං හිතන්නෙ නෑ....මට තවදුරටත් මේක කරන්න බෑ......අද අර බල්ලා මාව ජාත්‍යන්තර වෙලදාමකට ගත්තා වගේ ඊළග දවසෙ මගේ නමින් මොන මොන අපරාධ කරයිද කියලා කවුද දන්නෙ .......දුල්මිණ වුණත් දවසක මාවයි රුක්ෂාන්වයි තෝරගන්න වුණොත් අනිවාර්යයෙන්ම තෝරාගන්නෙ රුක්ෂාන්ව....මොකද ලේ බැදීම අනික් හැම බැදීමකටම වඩා ගණකම්.....

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now