9.නොසංසුන් හිත 🥺

1.4K 240 36
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
පසුදින උදෑසනට හිරු පෑව්වත් ඒ හිරු පෑව්වෙ මගේ ලෝකෙ සම්පූර්ණයෙන්ම අන්ධකාරයට ගිල්වලා...ඔව් උදේ පාන්දරම රුක්ෂාන් කතා කළා.....ඉතිං දවසම මූසලයි වගේම අද ඉදන් මගේ ජීවිතේ ඉවරෙටම ඉවරයි....ඊයෙ ඌ දීපු දස වද වල අමාරුකම් තාම අඩු නොවෙද්දි අමාරුවෙන් barthroom එකට රිංගගතපු මං වතුර මල යටට වෙලා පැයක් විතර ඇඩුවා......
.
.
.
තාත්ති ඔයා දන්නවා නම් ඔයාලගෙ පුතා මෙච්චර දුක් විදින්නෙ ඔයා  නිසා කියලා 😭😭😭.....නෑ ඔයාට කවදාවත්ම දැනගන්න වෙන්නෙ නෑ....අඩුම ගානෙ දුල්මිණ මල්ලිට වත්....ඔව් කිසිම කෙනෙක් මේ අවීගෙ කතාව දැනගන්න එකක් නෑ...මොකද දැන් කාටවත්ම මේ දේවල් කියලා වැඩක් නෑ වගේම මගේ ජීවිතේ ගන්න දෙයක් ඉතුරු වෙලා නෑ......අදින් පස්සෙ කොහොමටවත්ම නෑ.....ඉස්සර හිටපු අවිනාශ් දුනුසිංහ දැන් මැරිලා.....දැන් ඉන්නෙ තනිකරම වෙනස් අවිනාශ් කෙනෙක්....ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නැති.....හැගීම් දැනීම් නැති.....හදවතින්ම මැරුණ මිනිහෙක්.....ඉතිං බලාපොරොත්තු නැති මං වෙනුවෙන් ජීවත් වෙන්න හරි මං වෙනුවෙන් අඩන්න හරි කිසිම කෙනෙක් නොවෙද්දි මට මාවම නැති වුණා....අවසානෙදි මට මං විතරක් වුණා...කොච්චර සේනා සම්පත්තීන් පිරිවරාගෙන හිටපු මට දැන් කාත් කවුරුවත් නෑ...ඉතිං කිසිම කෙනෙක් නැති මගේ ජීවිතේ අද ඉදන් නැත්තටම නැති වෙනවා කියලා දැන දැනම මං ලෑස්තිවෙලා පහළට ගියා......
.
.
.
.
.
.
"අවී අයියෙ......Good morning ....."

"Good morning මල්ලි....."

"අයියෙ එන්න කෑම කමු......"

මං පහළට යද්දි දුල්මිණ මල්ලි මට කටපුරා අයියෙ කියද්දි මට මගේ කියලා කෙනෙක් ඉන්නවා කියන හැගීම දැණුනා...ඒත් මං ඒ හැගිමට බයයි....ඔව් මගේ කියන අය ළං කරගන්න මං බයයි....සමහරවිට ඒකම වෙන්නැති මට දුල්මිණට ආදරේ කරන්න බැරි.....මොකද මගේ ජීවිතේ මට ළං වෙන අයව දෛවය විසින් හරි ඉක්මනට මට නැති කරනවා.....සමහරවිට ගිය ආත්මෙ කරපු පවක් වෙන්නැති....කිසිම දවසක මට සැනසීමක් තියෙයි කියලා මං හිතන්නෙ නෑ....මගේ ජීවිතේ නිසා මගේ වටේ අයව අමාරුවෙ දාන්න බෑ.....ඒ නිසා පුලුවන් තරම් මං දුල්මිණගෙනුත් ඈත් වෙන්න ඕන.....මොකද රුක්ෂාන් කියන බල්ලගෙ බැල්ම දැනටමත් දුල්මිණට වැටිලයි තියෙන්නෙ....මං නිසා මං වගේම අහිංසකයෙකුට බිල්ලක් වෙන්න දෙන්න බෑ....

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now