21.නුඹේ නපුරුකම් 😒

1.3K 234 42
                                    

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
ඉතිං හේෂ්ගෙ ආගමනයත් එක්ක මම ආයෙමත් සාමාන්‍ය තත්වෙට පත් වුණා....මං එයාට පිස්සුවෙන් වගේ ආදරේ කළා...කවදාවත්ම කාටවත්ම ආදරේ කරන්නෙ නෑ කියලා හිතං හිටපු මං දැන් මේ ගිනි මකරට ආදරේ කරනවා.....ඒත් මගේ අදුරු අතීතෙ නිසා මං තීරණය කළා ඈතින් ඉදන් ආදරේ කරන්න....නිතරම මං එයාගෙ ඇස් මගෑරියා....ඒත් මං ඈතින් ඉදන් එයා දිහා බලන් හිටියා....හැමදාම එයා එක්ක පුලුවන් තරම් නෝමල් වුණා....එයාට මගේ මේ වෙනස දැණුනද නැද්ද මං දන්නෙ නෑ....ඒත් මං පුලුවන් තරම් එයා ඉන්න වෙලාවට ඒ හරියට නොගිහින් හිටියා...
.
.
.
.
.
.
.
දවස් ඔහොම ගෙවිලා ගියේ මං කරාටි පන්ති යන්න අරන් මාසෙකුත් ගෙවිලා යද්දි....දැන් මට හොදටම ඒ දේවල් පුලුවන් ....මාසයක් හේෂ් එක්ක එක වහලක් යට හිටියට මං තාමත් එයා කවුද කියලා වත් එයාගෙ අරමුණ මොකද්ද කියලා වත් දන්නෙ නෑ....මට හොයන්න උවමනාවක් තිබ්බෙත් නෑ....මොකද මං එයාට ගරු කළා...මෙච්චර කාලෙකට මං නිදහස කියන එක බුක්ති වින්දා නම් ඒ එයා නිසා කියලා මං මේ ටික කාලෙට විශ්වාස කළා......මොනවා වුණත් එයාගෙන් මට කරදරයක් නෑ කියලා මට දැනුණා....
.
.
.
.
.
.
"අවී.......කොහෙද තමුසෙ......?"

මං පන්තියට ගිහින් ආවා විතරයි අද හේෂ් මට කතා කළා....මෙච්චර දවසක් කට්ටි පැන්නට අද නම් ඒ ඇස් ඉස්සරහට යන්න වෙනවා 🥺....මොකද මේ මාසෙටම මං එයාව මගාරින්න ගත්තත් හරි එයා මට කතා කළේ උවමනාවක් වුණොත් විතරයි....ඒකත් මූණට හම්බුණොත් විතරයි.....අද මොකද දන්නෑ එක පාරටම කතා කරන්නෙ 🤧.......

"අවී........."

ඔන්න නැට්ට පාගගෙන හූම්ම් .......මං හෙමින් හෙමින් පහළට ගියා...පහළට බහින අතරතුරෙත් මං කල්පනා කළේ මං මුකුත් වරදක් කළේ නෑ නේද කියලා......මං පහළට එද්දි එයා ඉන්නවා කකුලක් උඩ කකුලක් දාන් මාව කන්න වගේ මූඩ් එකකින්....ඒ බැල්මට නම් මාව පිච්චිලා ගියා...මං හොර පූසා වගේ එයා ඉන්න හරියට ගියාම එයා මට ඉදගන්න කිව්වා....

"අවී හෙට ලෑස්තිවෙලා ඉන්නවා ගමනක් යන්න....කොහොමත් ආශ් කිව්වා තමුසෙට තව උගන්නන්න දේවල් නෑ කියලා.....black belt එකත් ඉක්මනටම ගන්න පුලුවන් වෙයි......"

එයා ඒ ටික කියන්නද මට දැන් කෑගැහුවෙ හූම් 😒 ......මෝඩ ගිනි මකරා.....

🚫ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ 🚫(bl Non Fiction  Completed  )Where stories live. Discover now